කාර්යාල ප්‍රවාහන සේවා යන නාම පුවරු ප්‍රදර්ශනය කර ඇති WPNG 2882 යන අංකය දරණ මෙම බස් රථය ද දිනපතා උදෑසන 6.45 ට පමණ පානදුරින් ගමන් අරඹන්නේ ප...
කාර්යාල ප්‍රවාහන සේවා යන නාම පුවරු ප්‍රදර්ශනය කර ඇති WPNG 2882 යන අංකය දරණ මෙම බස් රථය ද දිනපතා උදෑසන 6.45 ට පමණ පානදුරින් ගමන් අරඹන්නේ ප්‍රධාන බස් රථ නැවතුම ආසන්නයේ සිටය. දැන්වීමේ මෙලෙස දක්වා තිබූ බස් රථයට සාමාන්‍ය මගීන් නංවා ගනු ඇත.
පානදුර නගරයෙන් මෙලෙස ගමන් අරඹන බස් රථය අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව දක්වා ඇති බස් නැවතුම්පොළ සිටිනා මගීන් නඟාවා ගනු ඇත.
මෙලෙස නීතිවිරෝධීව මගීන් නංවා ගනිමින් ප්‍රවේශ පත්‍ර පවා ලබා නොදී අධිවේගී මාර්ගයට ප්‍රවේශ කිරීමේදී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මාර්ග පරීක්ෂකවරුන්අදාළ බස්රථය පොලිසියේද සහයෝග මත ගැලනිගම හුවමාරුවේදී නැවැත්වීමට ක්‍රියා කළේය.
මගී ප්‍රවාහන අධිකාරියේ කලුතර ප්‍රාදේශීය කාර්යාලයේ ධාවන කළමනාකරු මේ නීති විරෝධී මගී ප්‍රවාහනය පිළිබඳව ජනතාව දැනුවත් කළේය.
අදාළ වරද සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේදී බස් රථය රියදුරු අධිකාරියේ නිලධාරීන් ගෙන් අදාළ වරද සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය.
හිරු මාධ්‍ය ජාලයේ පළ වූ වීඩියෝව පහතින්,
COMMENTS