අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක කළ පැණිබීම බෝතලවල ඇති සෑම සීනි ග්රැම් එකකට සත 50 ක බද්දක් අය කිරීමේ වැඩපිළිවෙලට සහන ලබා දෙන ලෙස පැණිබීම සමාග...
අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක කළ පැණිබීම බෝතලවල ඇති සෑම සීනි ග්රැම් එකකට සත 50 ක බද්දක් අය කිරීමේ වැඩපිළිවෙලට සහන ලබා දෙන ලෙස පැණිබීම සමාගම් ඉල්ලා ඇතත්, කිසිදු සහනයක් ලබා නොදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
පැණිබීම සමාගම් වල නියෝජිතයින් තමන් හමු වී සහන ඉල්ලා සිටි බවත්, සහන ලබා දිය යුත්තේ ජනතාවට බවත් අමාත්‍යවරයා අනාවරණ කරයි.
බෝ නොවන රෝග පාලනය කිරිම සදහා පැණිබීම වර්ග වලට වර්ණ සංකේත ක්‍රමයක් පළමුව හදුන්වා දෙන ලදි.
ඉන් පසු අයවැය මගින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර, එම වැඩපිළිවෙල අඛණෟඩව ඉදිරියට ගෙන යන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටි.
මේ පිළිබද ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති අතර ලෝක බැංකු ආධාර යටතේ ඒ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලැබී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව බෝනොවන රෝග වලින් වාර්ෂිකව ලොව පුරා ජනගහනයෙන් සියයට 70 ක් පමණ මිය යන බව අනාවරණ වී තිබේ. ශ්‍රී ලංකාව දෙස බැලීමේ දී දියවැඩියා රෝගයෙන් මිය යන සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ සදහා ප්‍රධාන වී ඇත්තේ අධික සීනි පරිභෝජනයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ වසරක දී ලොව පුරා ලක්ෂ 50 ක් පමණ දියවැඩියා රෝගයෙන් පමණක් මිය යන බවයි.
එම නිසා සීනි පරිභෝජනය අවම කිරීමට කටයුතු කරන බවත්, කුමන බලපෑම් එල්ල වුවද එය නතර නොකරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් ප්‍රකාශ කරන ලද්දේ ලෝක දියවැඩියා දිනය වෙනුවෙන් පවත්වන ලද සමස්ත ලංකා පාසල් තරග වල ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සම්මාන සහ සහතික පත්‍ර පිරිනැමීම වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රගහලේ පැවැති උත්සවයක් අමතමිනි.
COMMENTS