අනුරාධපුර වන්නියන්කුලම් ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පුල්ලයාර් චමි...
අනුරාධපුර වන්නියන්කුලම් ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු පුල්ලයාර් චමින්ද සහ අනෙකුත් සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුවන් ඊයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය තීරණය කර ඇත.
මේ අතර ඝාතනයට ලක්වූ පුද්ගලයාට එරෙහිව අධිකරණයේ නඩු පවතින බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළේය.
මියගිය පුද්ගලයාගේ බිරිඳ මෙසේ අදහස් දැක්විය.
“මගේ මහත්තයා ස්ත්‍රී දුෂණය කරා කියලා කියනවා. මගේ මහත්තයා ගෑනු කෙන්ක්ගේ අතින්වත් අල්ලලා නැහැ. ස්ත්‍රී දුෂණයක් කරලා කියලා කියනවා නම් මැරිච්ච මහත්තයාටවත් ඉන්න දෙන්න. මගේ මල්ලිගේ පාටිය තිබුනේ 2017.09.22. එදා හොස්පිටල් එකේ නතර වෙලා මගේ දුව ප්‍රකාශයක් කළා ඇඳුම් ගලවලා කියලා ලියපු ප්‍රකාශයත් මම ගාව තියෙනවා.”
පොලිස්පති වරයා මෙසේ අදහස් දැක්විය.
“අධිකරණයේ බී වාර්තාව එක්කලා අපි බලමු එයා මොනවද කියන්නේ කියලා. ඒ බී වාර්තා ටික මම හෙට ඉදිරිපත් කරනවා. අවශ්‍ය නම් ලිංගික අතවර කරන සිද්ධියේ වීඩියෝ දර්ශනයකුත් තියෙනවා. ඒකත් අපි බලමු අවශ්‍ය වුණොත් මම ඒකත් මුදවා හරිනවා මාධ්‍යට.”
එම වීඩියෝව පහතින්,
COMMENTS