19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව තම ධුර කාලය ආරම්භ වන්නේ හා අවසන් වන්නේ කවදාදැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මත...
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව තම ධුර කාලය ආරම්භ වන්නේ හා අවසන් වන්නේ කවදාදැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට තීරණය කර ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි. ඒ අනුව ඉදිරි සතියේ දී මෙම මතය විමසීම සිදුකරන ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි වාර්තාවන්හි සඳහන් කර තිබේ.
19 ආණ්ඩුකම ව්‍යවස්ථාවට කතානායක වරයා අත්සන් තබමින් එය නීතියක් බවට පත්කර ඇත්තේ 2015 මැයි මස 15 වන දින නිසා එතැන් සිට වසර පහක් සම්පූර්ණ වන්නේ 2020 මැයි මස 15 වන දින නිසා ජනාධිපතිවරයාගේ ධුර කාලය එදින දක්වා ඇතැයි උපකල්පනය කරමින් මෙම මත විමසුම කරන බවද සදහන්ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ප්‍රතිචාර දක්වමින් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා කියා සිටියේ යම් හෙයකින් 19 වැනි සංශෝධනයට කතානායකවරයා විසින් අත්සන් තබන ලද්දේ 2018දී නම් ජනාධිපතිවරයාගේ ධුර කාලය 2023 දක්වා එනම් වසර 08ක් දක්වා දිව යෑමට හැකියාවක් ඇත්දැයි ප්‍රශ්නයක් ඇති බවයි.
එක් දිනක් හෝ වැඩිපුර බලයේ රැුදී සිටීමේ බල ලෝභීත්වයෙන් සදහා සිදු කරන්නට යන මෙම මත විමසුම අතිශය සදාචාර විරෝදී බවත් ජනාධිපතිගේ ධුර කාලය 2015 ජනවාරියෙන් ආරම්භ වී 2020 ජනවාරියෙන් ස්ථිරවම අවසන් බවත් ඔහු සදහන් කලේය.

COMMENTS