කථානායකවරයා කල් මැරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ ඊයේ...
කථානායකවරයා කල් මැරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“පාර්ලිමේන්තුව අද පවතින අවස්ථාවේදී මේ සම්බන්ධව හඬක් නඟලා මේ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ගයකට කතානායකවරයාට ශක්තියක් නොවේ නම් ඔහුට ඒ වෙනුවෙන් බල කර සිටීමේ අයිතිය අපෙන් බැහැර කරන්න බැහැ. අපි මහජන නියෝජිතයන්. අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට ඒ වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. ඒක සමහරක් විට කතානායකවරයාට පැහැදිලි නොවෙන්නට පුළුවන්. ඒ ගැන අපි කනගාටු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා එහෙම තේරෙන තේරුම් ගත හැකි තත්ත්වයක් එතුමාට පහළ වේවා යැයි කියලා. අපි අන්තිමට ඉල්ලුවේ අපිට විනාඩි දෙකක් දෙන්න කියලා. ඒ අවස්ථාව ලබා දෙන්න බැරි නම් කතානායකවරයාට අවාසනාවන්ත ලෙස හෝ අපිට සිතන්න වෙනවා ඔහු දේශපාලන වශයෙන් කිසියම් ගැතිකමක් කරනවා කියලා. කාගෙන් හරි දේශපාලන වශයෙන් උපදෙස් අරන් කල්මැරීමේ ප්‍රතිපත්තිය එතුමා හැම වෙලේම මෙවැනි බැරෑරුම් අවස්ථාවලදී ඒ ආකාරයෙන් මඟ අරිනවා.”
එම වීඩියෝව පහතින්,
COMMENTS