දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තෙවරප්පෙරුම අලුත් වැඩකට අත ගසයි (PHOTOS)
Homeප්‍රවෘත්ති

තෙවරප්පෙරුම අලුත් වැඩකට අත ගසයි (PHOTOS)

PropellerAds

හොරොව්පතාන අලි රැදවුම් මධ්‍යස්ථානයේ සිටින චන්ඩි  වන අලින්ට ආහාර සඳහා දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය ඉවත් කරන එළවළු සහ පලතුරු රැගෙන යෑම සඳහා වන...

වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයෙන් පැමිණිල්ලක්
ගෝඨාගේ පෙත්සම 22 වැනිදා කැදවයි - බැසිල්ගේ නඩුව කල් යයි
"අගමැතිකමට මමත් සුදුසුයි" - ඇමති ජෝන්
තෙවරප්පෙරුම අලුත් වැඩකට අත ගසයි (PHOTOS)

හොරොව්පතාන අලි රැදවුම් මධ්‍යස්ථානයේ සිටින චන්ඩි  වන අලින්ට ආහාර සඳහා දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය ඉවත් කරන එළවළු සහ පලතුරු රැගෙන යෑම සඳහා වනජීවි   නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (22) අලුයම 3ට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ ඒවා වනජීවී දෙපාර්තමේන්තුවේ වාහන වලට පුරවා ගෙන රැගෙන  රැගෙන යාමට පියවර ගත්තේය .

දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා ද මේ අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි. නගරාධිපතිවරයා සහ යෝජ්‍ය අමාත්‍යවරයා වන ජීවී දෙපාර්තමේන්තුවේ කිහිපදෙනෙකු ද එක්ව අලුයම 3ට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ ආර්ථික මධ්‍යස්ථානය ඉවත් කරන එළවළු සහ පලතුරු සියල්ල ලොරි රථවලට පටවා ගැනීම සිදු කළහ.

නියෝජ්‍ය අමාත්‍යවරයා වන අලින්ට රැගෙන යන මෙම එළවළු සහ පලතුරුවල ඇති පොලිතින් සහ අලින් ආහාරයට නොගන්නා ද්‍රව්‍ය ඉවත් කොට ආහාර අලින් ආහාර ගන්නා එළවළු සහ පලතුරු පමණක් පටවා ගැනීම මෙහි විශේෂත්වයක් විය. එළවළු සහ පළතුරු පැටවීම සඳහා නගරාධිපතිවරයාද සහයවීම

 විශේෂත්වයකි .පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා සහ නගරාධිපතිවරයා එක්ව එළවළු පලතුරු වාහනවලට පැටවීමද තවත් විශේෂ කරුණකි.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කියා සිටියේ  දැනට හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ  රඳවා සිටින්නේ රටේ විවිධ ස්ථානවල ගැවසුනු දරුණු ගණයේ වනඅලින් බවත් ඔවුන් මෙල්ල කිරීම සඳහා එක් ස්ථානයකට ආහාර රැගෙන ගොස් දැමීමෙන් යම් මට්ටමකින් මෙල්ල වීමට ඉඩ ඇති බවය. එමෙන්ම හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථාන විදුලි වැට කඩා වන අලින් පැනයෑම මෙයින් අඩුවන බව ද සඳහන් කළේය.

 වනජීවි දෙපාර්තමේන්තුව මඟින් දිගින් දිගටම වන අලින්ට විවිධ ආහාර වර්ග රැගෙන ගොස් ලබාදීම සිදුකරන බවද සඳහන් කළේය.

 තමන් අලුයම 1.00 ට පමණ හොරොව්පතානෙ සිට දඹුල්ලට පැමිණීමට පිටත් වූ බවත් නගරාධිපති ජාලිය ඕපාත මහතාට ඊට පෙර දින තමන් පැමිණෙන බව දැනුම් දී මෙසේ පැමිනි  බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වන අලින්ට සුදුසු ආහාර රැසක් ඉවත් කරන බවට තමන් පෞද්ගලිකව දැන සිටි නිසා මෙම එළවළු පලතුරු රැගෙන යෑම සඳහා පැමිණි බවද හෙතෙම සඳහන් කළේය.

වනජීවි දෙපාර්තමේන්තුවට අයත් ලොරි රථ දෙකකට එළවළු සහ පලතුරු පැටවූ  අතර නියෝජ්‍ය අමාත්‍යවරයා   ගමන් ගන්නා කැබ් රථය  පිටුපසටද එළවළු සහ පලතුරු පටවා ගැනීම මෙහිදී තවත් විශේෂත්වයක් විය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තෙවරප්පෙරුම අලුත් වැඩකට අත ගසයි (PHOTOS)
තෙවරප්පෙරුම අලුත් වැඩකට අත ගසයි (PHOTOS)
http://am.lk/media/k2/items/cache/aeb12fac9ce36672fbdf4eb26e53679a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/photos_60.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/photos_60.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy