දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨාගේ පෙත්සම 22 වැනිදා කැදවයි - බැසිල්ගේ නඩුව කල් යයි
Homeප්‍රවෘත්ති

ගෝඨාගේ පෙත්සම 22 වැනිදා කැදවයි - බැසිල්ගේ නඩුව කල් යයි

PropellerAds

දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැය කොට මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් පනස් ලක්ෂයක් මු...

දේශපාලන සිරකරුවන් වෙනුවෙන් නිහඬ විරෝධතාවක් ; පොලීසියෙන් බාධා
හොරෙක්-මිනීමරුවෙක් නොවන 'නාමල'
මහින්ද ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් හිටපු නීතිපතිවරයකුට විරුද්ධව පැමිණිල්ලක්
ගෝඨාගේ පෙත්සම 22 වැනිදා කැදවයි - බැසිල්ගේ නඩුව කල් යයි

දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැය කොට මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් පනස් ලක්ෂයක් මුද්‍රණය කර බෙදාහැරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන අයට එරෙහි නඩුව මැයි මස 04 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

අදාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ  නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ අධි නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුව ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනීම වලක්වාලමින් අභියාචනාධිකරණය ලබන 16 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

අභියාචනාධිකරණය හමුවේ බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති එම පෙත්සම ලබන 15 වනදා සලකා බැලීමට නියමිතව ඇති බවට අධි නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා පෙන්වා දෙමින් සිදු කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය කල් තැබීමට නියෝග කර ඇත.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කර ඇති සංශෝධන පෙත්සම ලබන 22 වැනි දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (13) නියෝග කළේය.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඇවන්ගාඩ් සමාගමට අවසර ලබා දීම මගින් රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදුකරන ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම තමන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම ගොනු කර තිබිණි.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨාගේ පෙත්සම 22 වැනිදා කැදවයි - බැසිල්ගේ නඩුව කල් යයි
ගෝඨාගේ පෙත්සම 22 වැනිදා කැදවයි - බැසිල්ගේ නඩුව කල් යයි
http://am.lk/media/k2/items/cache/b3aff3666707ebb7f50469b7b885b2fb_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/22.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/22.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy