මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ දී අක්‍රමිකතා සහ දුෂණ රැසක් සිදුව ඇතැයි පවසමින් රජයේ වෛද්‍ය පිඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද ...
මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ දී අක්‍රමිකතා සහ දුෂණ රැසක් සිදුව ඇතැයි පවසමින් රජයේ වෛද්‍ය පිඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද (13) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
සයිටම් ආයතනයට වෛද්‍ය සිසුන් බඳවා ගැනීමේ දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව , උසස් අධ්‍යාපන ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සිය වගකීම පැහැර හැර තිබෙන බවද රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අල්ලස් කොමිසමට කර ඇති එම පැමිණිල්ලේ සඳහන් වේ.
රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය වෙනුවෙන් විධායක සභිකයන් වන වසන්ත අල්විස් සහ අසෝක රන්වල යන මහත්වරුන් පිරිසක් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
COMMENTS