තමා අගමැතිකමට වුව ද සුදුසු බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. ඒ වත්තල සංවර්ධන සභා රැස්වීම අවසානයේ මාධ්...
තමා අගමැතිකමට වුව ද සුදුසු බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
ඒ වත්තල සංවර්ධන සභා රැස්වීම අවසානයේ මාධ්‍යවේදීන් වෙත අදහස් පල කරමිනි.
නීතිය හා සාමය අමාත්‍යංශය අද ගන්න දෙයක් නැතිව වන වී ඇතැයිද කී ඇමති අමරතුංග එම අමාත්‍යංශය දුන්නත් බාර ගන්නේ නැති බද කියා සිටියේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අතිශයින්ම කණගාටුවට පත් වුණා. මේ කුඩු ප්‍රශ්න. ලවක් දෙවක් නැතුව හැම තැනම මේක ව්‍යාපාරයක් කරගෙන යනවා. පොලිසිය නිශ්ශබ්දයි. පොලිසිය වත්තෙත් කුඩු විකුණනවලු. ඉතින් මං දන්නේ නැහැ මේ නිලධාරීන්ව අස් කරනවා ද, ඇමතිවරු අස් කරනවා ද කියලා. මේකට වහාම පියවර ගත යුතුයි. ප්‍රධාන පෙළේ නිලධාරීන් ටික ඇවිල්ලා නැහැ. මං කෑ ගැහුවා. මෙහෙම කොහොමද අපි රැස්වීමක් කරන්නේ. තේරුමක් නැහැනේ. එකෙන් තේරෙනවා මේ රජයේ පරිපාලනය අඩපණ වෙලා කියලා. හෙට අනිද්දා ෆේස්බුක් තහනම අයින් කර ගනී.”
“එතකොට සාමාන්‍ය පිළිවෙලට ආවහම විස්තර ගන්න පුළුවන්. නීතිය හා සාමය මට දුන්නත් මම ගන්නේ නැහැ. ඒක දැන් ගන්න දෙයක් නැහැ වන වෙලා තියෙන්නේ. මට දෙන්න හැදුවත් මම එපා කියනවා. අයියෝ සුදුසුකම් ඒවා නම් මන් එහෙනම් සුදුසුයි අගමැතිකමට. නෑ මම තමයි එයා ලඟට දෙවැනියාට වැඩිම ඉන්නේ අවුරුදු ගාණක් පාර්ලිමේන්තුවේ. ඉතින් ඒවා දෙන නොදෙන එක මට වැඩක් නැහැ. මම ඒවා ඉල්ලන්න යන්නෙත් නැහැ. දුන්නට ගන්න යන්නෙත් නැහැ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS