වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා නෙත් එෆ්.එම් ගුවන් විදුලියේ ප්‍රධාන දුරකතන අංකයේ සවිස්තරාත්මක බිල්පතක් ලබාගැනිමට කොල්ලුපිටි...
වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා නෙත් එෆ්.එම් ගුවන් විදුලියේ ප්‍රධාන දුරකතන අංකයේ සවිස්තරාත්මක බිල්පතක් ලබාගැනිමට කොල්ලුපිටිය පොලිසිය යොදා ගැනීමත්, එම ගුවන්විදුලියේ මාධ්‍යවේදීන්ට වක්‍ර ලෙස තර්ජනය කිරිමත් දැඩි පිළිකුලින් යුතුව හෙළාදකින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි.
ඒ සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ නිවේදනය පහතින්,
නීතිය අවනීතිය කරමින් මාධ්‍ය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව පෙළ ගැසෙමු.
වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා නෙත් එෆ්.එම් ගුවන් විදුලියේ ප්‍රධාන දුරකතන අංකයේ සවිස්තරාත්මක බිල්පතක් ලබාගැනිමට කොල්ලුපිටිය පොලිසිය යොදා ගැනීමත්, එම ගුවන්විදුලියේ මාධ්‍යවේදීන්ට වක්‍ර ලෙස තර්ජනය කිරිමත් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දැඩි පිළිකුලින් යුතුව හෙළාදකිමු. එමෙන්ම දේශපාලන බලය යොදා ගනිමින් මාධ්‍ය මර්දනයට පාලක පන්තිය ගන්නා උත්සහයට එරෙහිව වහාම කටයුතු කළ යුතු බවත් ඒ සමඟම අපි වගකිවයුතු පාර්ශවයන්ට දැඩිව අවධාරණය කර සිටිමු.
නෙත් එෆ්.එම් ගුවන් විදුලිය විසින් තම බැලුම්ගල වැඩසටහන හරහා කළ අනාවරණයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත. අනතුරුව එම පැමිණිල්ල පදනම් කර ගනිමින් අධිකරණය නොමඟ යවමින් එම මාධ්‍ය ආයතතයේ ප්‍රධාන දුරකතන අංකයේ සවිස්තරාත්මක වාර්තාවක් ගැනීමට කොල්ලුපිටිය පොලිසිය විසින් කටයුතු කර ඇති බව අපට අනාවරණය විය.
අමාත්‍යවරයා විසින් කළ පැමිණිල්ල අනුව කොල්ලුපිටිය ස්ථානාධිපතිවරයා බැලුම්ගල කණ්ඩායමක් පොලිසියට ගෙන්වා අදාළ තොරතුරු ලබාදුන් අය හෙලිකරන ලෙස මුලින්ම බලපෑම්කර තිබෙන අතර පසුව අධිකරණය හරහා ලබා ගන්නා දුරකතන අංකයේ තොරතුරු මගින් අදාළ තොරතුරු ලබා දුන් පාර්ශව වෙත පොලිසිය බලපෑම් එල්ල කිරීමට පටන් ගෙන ඇත.
මාධ්‍යය නිදහසට බරපතල තර්ජනයක් එල්ල කරමින් කොල්ලුපිටිය පොලිසිය නෙත් එෆ්.එම් වෙත දුරකථන ඇමතුම් ලබා දුන් ශ්‍රාවකයින් ගණනාවකගේ දුරකථන ඇමතුම් විස්තර ලබා ගෙන ඒ අනුව එම ශ්‍රාවකයින් මේ වන විටත් පොලිසියට කැඳවා ඇත. තොරතුරු ලබා ගන්නා මූලාශ්‍ර හෙලි නොකර සිටීමට හා එම මූලාශ්‍ර ආරක්ෂා කිරීමට ජනමාධ්‍යයට හා ජනමාධ්‍යවේදින්ට ඇති අයිතිවාසිකම පවා දරුණු ලෙස උල්ලංඝනය කරමින් රටේ නීතිය පවා ඉක්මවා යාමට නියෝජ්‍ය අමාත්‍යවරයා හා පොලිසිය කටයුතු කර ඇති බව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.එසේම මෙලෙස මාධ්‍ය සතු අයිතිවාසිකම් කඩ කිරීමට රටේ පාලකයින් කටයුතු කිරීමම මාධ්‍ය නිදහසට එල්ල කරන මරු පහරක් බව අපි ඉතා අවධාරණයෙන් පෙන්වා දීමට කැමැත්තෙමු.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මේ වනවිට ප්‍රකාශ කර ඇත්තේ කොල්ලූපිටිය පොලීසිය අධිකරණයට වැරදි කරුණු ඉදිරිපත් කර ඇති බව අනාවරණය වී ඇති බවයි. පොලිසිය විසින් මෙලෙස කටයුතු කරන්නේ පැහැදිළිවම නියෝජ්‍යා අමාත්‍යවරයාගේ බලපෑම නිසා බවත් තහවුරු වී ඇත.
මාධ්‍ය වෙත ලබා දී ඇති නිදහස අඩු කරමින් හෝ වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය වාරණයට වත්මන් රජය කිසි ලෙසකින්වත් උත්සාහ නොකරන බවට ජනමාධ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය ඉදිරියේ වහසිබස් දොඩමින් සිටින අතරතුර ඔහුගේම කාර්යය මණ්ඩල ප්‍රධානියා අමු තිත්ත අසභ්‍ය වචන කියමින් මාධ්‍යයට තර්ජනය කිරිමේ අත්දැකීමක් මීට දින කිහිපයකට පෙර අපි අත් වින්දෙමු. ඒ පිළිබඳව සාක්ෂි පැහැදිළිව ඉදිරිපත් වි තිබියදි මාධ්‍ය නිදහස ගැන කතා කරන අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම කණගාටුවට කරුණකි. එම සිදුවීමේ උණුසුම මැකි යාමටත් පෙර රටේ පිළිගත් ගුවන් විදුලි නාලිකාවකට නියෝජ්‍ය අමාත්‍යවරයෙක් මෙලෙස තර්ජනය කිරීම හා ඒ සඳහා පොලිසිය යොදා ගැනීම රටේ මාධ්‍ය නිදහස වචනයට පමණක් සිමාවි තිබේන බවට උදාහරණ සපයයි.
ජනතාවගේ තොරතුරු දැන ගැනිමේ අයිතියට බලපෑම් කරන දේශපාලඥයන් මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන මුවාවෙන් නීතිය අවනීතිය කරන නිළධාරින්ටද එරෙහිව වහාම කටයුතු කරන ලෙස අප වගකිව යුත්තන්ගේන් ඉල්ලා සිටින අතරම රටේ දේශපාලකයන්ට හෝ ඔවුන්ගේ අතකොලුවන්ට රටේ මාධ්‍ය නිදහසට අත තැබිමට ඉඩ නොතබන ලෙසත් අපි වගකිවයුතු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමු.
ස්තුතිය,
සභාපති,
චතුරංග ද අල්විස්,
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය -ශ්‍රි ලංකා
COMMENTS