දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී හමුදා කණ්ඩායමක් තමන්ට අමානුෂික ලෙස පහරදුන් බවට රෝගියෙකුගෙන් සටහනක්
Homeප්‍රවෘත්ති

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී හමුදා කණ්ඩායමක් තමන්ට අමානුෂික ලෙස පහරදුන් බවට රෝගියෙකුගෙන් සටහනක්

PropellerAds

බණ්ඩාරවෙල බිදුනුවැව covid 19 පුුතිකාර මධ්‍යස්ථානයේ මේජර් ජනක ⁣පිරිස් ඇතුළු 2021.05.03 දින රාජකාරි කළ යුදහමුදා භට පිරිස ඒල්ලකල මේලේඵ්ඡ පහරද...

සීමානිර්ණ වාර්තාව 17දා ගැසට්පත්‍රයට
දේශපාලන පත්වීමකින් නීතිඥවරයෙකු මහාධිකරණ විනිසුරු ධුරයට
ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට‍
බණ්ඩාරවෙල බිදුනුවැව covid 19 පුුතිකාර මධ්‍යස්ථානයේ මේජර් ජනක ⁣පිරිස් ඇතුළු 2021.05.03 දින රාජකාරි කළ යුදහමුදා භට පිරිස ඒල්ලකල මේලේඵ්ඡ පහරදීම  පිලිබද මා විසින් තබන සංවෙදි සටහනයි ...............

2021.04.29 දින මොනරාගල සිරිගල මහරෝහලේ මා හට සිදුකළ ඇන්ටිජන් පරික්ෂණයෙන් Covid 19 ආසාදනය වෙලා තියන බවට තහවුරු විමේන් පසු බණ්ඩාරවෙල බිදුනුවැව COVID 19 ආසාදිතයින් නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි .

අහාර වේල් 13 ක් පමන කිසිදු ආහාරයක් නොගත් මා උණු වතුර හා කිරිතේ එකක් බිල දින 4 ක් ශරීරය අපුුානිකව ඇද මත වැතිර සිටියා .

2021.05.03 දින සවස ආහාර ලබාදෙන ස්ථානයට මම ගොස් ආහාර පැකට්ටුව ලබාගෙන වතුර බොතල් තිබෙන සථානයට ගෙසින් වතුර ලිටර් 1 ක් ඇති බොතල් 2 ක් ගත්තා .එවිට ඉදිරියේ සිටි යුදහමුදා භටයකු වතුර බොතල් 2 ක් නොගන්නා ලෙස මට කියා සිටියා .
එවිට මා රෝගියකු බවත් වතුර ලිටර් 1 ක් රැයක් එ්ලි වෙනකං බිමට මදි බවත් පුුකාශකළා . 

මා රැදී සිටි වාට්ටු අංක 3 හි උණු වතුර උණු කරගන්න කිසිදු පහසුකමක් නොතිබුණු බැවින් එබවත් රෝගීන් විසින් ගෙන එන ලද හිටර් භාවිතා කර වතුර උණු කරගන්නා බවත් පුුකාශකළා .
එවිට හමුදා නිළදාරි මහතුන් මට කියා සිටියා අද සැපයුම දෙන්න වෙන්⁣නෙ ලැබුණු ආකාරයට තමයි වතුර ලිටර් 1 ක් පමන තමයි දෙන්න වෙන්⁣නෙ කියල.
එවිට මා විසින් මෙය රෝගීයෙකුට කිසිදු ආකාරයෙන් පුුමාණවත් නොමැති බවත් මෙය චොදනාවක් ලෙස සටහන් කරගෙන මෙම අඩුපාඩු නිවරදි කරගන්න ඉහල නිළදාරින් වෙත යොමු කරන ලෙස සටහන් කරගන්නා ලෙස මා මදක් ආවේගශීලි ඒහේත් සංවර වචනයෙන් කියා සිටියා .
මැදින් පාර පාරෙන් ඉදිරියේ කොටසෙහි හමුදා නිළදාරින් හා මෙහා කොටසෙහි covid 19 ආසාදිතයින් සිටින පුුතිකාර මධ්‍යස්ථානය වේ.
යුදහමුදා භට පිරිස රැදී සිටින පාරෙන් එහා පුුදේශයේස සිට covid ආසාදිතයින් රැදී සිටින පුුදේශයට ( 10 m පමන පලලින් වෙන්වි ඇති ) සැපයුම ලබාදෙන්නේ covid ආසාදිතයින්ට පුුතිකාර කරන ඇදුම් කට්ටල ඇදගන්නා ලද සෞඛ්‍ය සේවයට අනුබද්ධිත සේවක මහතුන් විසින් බවත් මා පුුකාශකර සිටිමි .

පසුව ඉදිරියේ සිටි යුදහමුදා භටයකු මාගෙන් පුර්ණ විස්තර සටහන් කරගෙන සර් දැන් එනවා ඔයා සර් ඒනකල් ඉදලා  පුුශ්න විසදගන්න කියා පැවසුවා . පසුව මම ගොස් ආහාර ලබාගෙන බෙහෙත් බිල ඒන්නම් කියල මට ගන්න කියපු වතුර ලිටර් 1 බොතලය රැගෙන වාට්ටුව වෙත ආව .

පසුව මම කැම කන අවස්තාවේ ඉදිරියේ හමුදා නිළදාරින් සිටි සථානයේ පිහිටි ස්ථාවර දුරකථන අංකයේන් සර් දැන් ඒනවා ඔයා එන්න කියල ඇමතුමක් ආව .මම එවිට තාම කැම කනව කාල බේහත් බිල ඒන්නම් කියල පැවසුවා .පසුව මම ⁣බෙහෙත් බොන්න හදන විට ජංගම දුරකථන අංකයකින් නැවත සර් දැන් ඒනවා ඔයා එන්න ඉක්මනින් කියල ඇමතුමක් ආව .මම බෙහෙත් බිල ඒන්නම් කියල කිවුවා .

පසුව මම ඇදසිටි කොට කලිසම හා කැමා T shart එක උඩින් ජර්සිය ඇද  නිරෝධනයට පැමිණි අයියා කෙනෙක් සමග ඉදිරියේ තිබු හමුදා නිළදාරින් සිටි ස්ථානයට ගමන් කළා .පාර ආසන්නයේම තිබු කොකිුුට් බංකුවෙ වාඩිවී විනාඩියකට පමණ පසු මහේන්ද්‍ර වර්ග⁣යේ කැබ් රතයකින් මේජර් ජනක ⁣පිරිස් යන නිළධාරියා පැමිණියා .
පසුව ඔහු කැබ් රතයේන් බැස ඉදිරියට පැමිනෙන අවස්තාවේ මට ගම් බුට් දෙක රැගෙන එන ලෙස හමුදා බටයකුට පැවසුවා .

පසුව බුට් දෙක ඔහුට ලැබුණු අතර ඔහු පැලදසිටි සාමාන්‍ය සපත්තු කුට්ටම ⁣ගලවා බුට් දෙක පැලද මේජර් ජනක ⁣පිරිස් යන නිළධාරියා covid 19 ආසාදිතයින් රැදී සිටින පුුතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළු වුනා .මම covid ආසාදිතයෙක් නිසා මදක් පසු පසට ගමන් කළා .

එවිට ඔහු සමන්  කියන.......පරැැෂ වචනයෙන් කවුද කියල ඇහුව එවිට හමුදා බටයකු අත දගුකර මු තමයි කියල කිවුවා .
එවිට මෙ මේ මේජර්  ජනක ⁣පිරිස් යන නිළධාරියා පොල්ල රැගෙන එන ලෙස හමුදා බටයකුට පැවසුවා .

කිසිවක් සිතාගන්න්ට නොහැකි වු මම දැත් එක්කොට වැද මගෙන් වරදක් වුවානම් සමාවෙන්න සර් කියල කිවුවා . එහෙත් කිසිදු පුුශ්න කිරිමකින් තොරව ඔහු මට අඩි 5 ක් පමණ දිගයැයි මා විස්වාස කරන පොලුමුගුරෙන් ඔහුගේ පුර්ණ ශක්තිය යොදා මගේ කලවා පුුදෙශයට පහර 4 ක් පමන එල්ල කරනතුරු ඉවසා සිටි මම ඊලග පහර ඒල්ල කරනවිට පොලුමුගුර මාගෙ වම් අතින් අල්ලා ගත්තා . එවිට මට පහර දුන්න මේජර් ජනක ⁣පිරිස් නිළදාරි තුමා බිම ඇදවැටුනා . එවිට මට දැනුනා ඔහු හොදට මත්පැන් බිල ඇති බවට .

මෙම නිළදාරි තුමා අධික බිමත් ඇති බවත් බිමතින් කිසිදු අනුකම්පාවකින් තොරව මම වැද සමාවෙන්න සර් මට අමාරැයි ගහන්න එපා කියද්දි අනෙකුත් භට පිරිස ද වටකරගෙන  පහරදෙද්දි මාගෙ මුව ආවරණය කැඩිගියා එවිට මට පහරදිම නවතා ඔවුන් මදක් පසු පසට ගිහින් මට දනගසා ගන්නා ලෙස පරැැෂ වචනයෙන් කියා සිටියා .
මම දනගසා ගත්තා .

පසුව මම හමුදා බටයකු අත තිබු මුව ආවරණයක් ඉල්ලා ගෙන ඉතා අපහසුවෙන් මුව ආවරණය කරගත්තා .

ඉන්පසු covid රෝගීන් 150/175 ක් පමන ඉදිරියේ නොයේක් අවලාද අපහසයන් සිදුකර ඔහු කරන මෙම අමානුෂික කිුුයාව සාධාරණය කරගත්තා ඔහුගේ එම පුුකාශයට අත්පොලසන් දුන්න සුලු පිරිසක් එ අතර  සිටියා.

පසුව මම දනගසා සිටින විට නැවත පොල්ල රැගෙන එන ලෙස හමුදා බටයකුට පැවසුවා .

තවත් ගුටි කන්න ශක්තියක් නොමැති බව හෙතුවෙන් එතනින් නැගිටලා වාට්ටුව වෙත covid ආසාදිතයින් සිටින අතරින් දුවන්නට වුවා මිටර් 30 ක් පමන දිව ආවත් පසු පස එලවාවිත් නැවත මම අල්ලා ගත්තා .නැවත අතින් පයින් පහර දුන්නා .ඉදිරියට රැගෙන ආ මට නැවත දනගසා ගන්නා ලෙස පරැැෂ වචනයෙන් බැන්නා .මම දනගසා ගත්තා .
එවිට මම ඇදසිටි ජසිය ඉරිතිබු බවත් මම යටින් ඇදසිටි කැමා වර්ග⁣යේ T shart එක පේන්න ගත්තා .එවිට හමුදා නිළදාරින් මට පරැැෂ වචනයෙන් බැනවැදි ගලවපන් කියා පැවසුවා .

මම ජසිය හා කැමා T Shart එක ගලවා බිම තැබුවා පසුව මම පැලදසිටි රිදී මාලය ද කැඩි බිමට වැටුනා.

  දනගසා සිටි මා හට නැවත පයින් බෙල්ල පසුපස දෙසට පහරක් එල්ලකලා ...මුනට නැවත පයින් පහරක් එල්ලකලා එය මම මගේ අතින් වලකාගත්තා..
පොලුමුගුරෙන් එල්ලකල පහරින් මාගේ වම් අත ඉදිමි තිබුන ..එහෙත් මම දැත් එක්කොට වැද සමාවෙන්න සර් දැන් මට අමාරුයි කියා පැවසුවා ..
පැයකට ආසන්න කාලයක් මට අමානුෂික විදිහට 6 දෙනෙක් පහර දුන්න .

  ඉන්පසු එතන රැදී සිටි covid රෝගීන් සර් ගහන්න එපා තවත් මැරෙයි කියා පැවසුවා .පසුව නිළදාරි තුමා මම මේජර් ජනක ⁣පිරිස් දෙනදෙයක් කාලා වෙනදෙයක් බලන් ඉදපන් කියා පරැැෂ වචනයෙන් බැනවැදි මගේන් මැරැම්නොකා මෙතනින් පලයන් කියා පැවසුවා .

මම නැවත මගේ දැත් එක්කොට වැද සමාවෙන්න සර් යැයි පවසා මගේ ජසිය T shart එක මම ගෙල පැලදසිටි රිදී මාලය හා කැඩිගිය මුව ආවරණය අහුලා ගෙන සෙරෙප්පු දෙකද දාගෙන වාට්ටුව වෙත ආව .

 පසුව මඩගැවිතිබු කොටකලිසම ගලවා සරමක් ඇදගත් මාව වාට්ටුවේ සිටි අනේකුත් රෝගි මිතුරන් ගේ බලවත් ඉල්ලීම මත වෛද්‍ය තුමන් හමුවෙන්න යන්න පිටත් වුනා .
  පොලු පහරක් මගේ දුරකථනයට  වැදි බැටරිනැමි තිරය සිදිගොස් තිබුන .

   පසුව වාට්ටුවේ සිටි අයියා කෙනෙක් ගේ දුරකථනයකට මාගේ සිම්පත් දෙක යොදා මාගේ බිරිදට ඇතුමක් ගේන මට සිදුකළ මෙම තිරිසන් පුහාරය ගැන දන්නවා සිටියා .
   වෛද්‍ය තුමන් මුනගැසුනත් මම ඇතිවිතිබු භය හේතුවෙන් කිසිවක් නොපවසා ඉදිමි තිබුන අත පෙන්වා මගේ අරක්ෂාව පිලිබද තහවුරු විමේන් පසු වාට්ටුව වෙත ආව .
   පසුව මට සිදුවු මෙම මේලේඵ්ඡ පහරදීම පිලිබද මාවිසින් දැන්වියයුතු සියලුම දෙනාට හා සියලුම ආයතන වලට දැනුම් දිම් සිදුකර සිටියා .
 වාට්ටුවේ සිටි අයියා කෙනෙක් මට බෙහෙත් ආලේප කළා ....පසුව වාට්ටුවේ සිටි සියලු දෙනා නින්දට ගියා.

  මෙම කාරනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු මධ්‍යකට කාරනා නොකිම සිදුකළේ  සුළු පිරිසකගේ පහත් කිුුයාවක් හේතුවෙන් සමස්ථ යුදහමුදාවම අපකීර්තිමත් වේවියැයි හා සාමාන්‍ය වැසියන්ගේ යුදහමුදාව පිලිබද ඇති ගෞරවය හා විස්වාස බිදි යාවිද කියා  තිබෙන සැකය හේතුවෙන්ය.

  එහෙත් මට මෙම සාහසික පහරදිම සිදුකළ නිළධාරි තුමා හා සෙසු නිළධාරි පිරිස එම ස්ථානයේම  රාජකාරියේ යෙදිසිටින බවට ලැබුණු තොරතුරු මත මට සාධාරණය ඉෂ්ට  කරගැනීමේ අරමුනින් ද තවත් අයකුට මෙවන් අසාධාරණයක් සිදුනොවිමට ඇති මග අැහිරිමෙ අදහසින් හා මට සිදුවු අසාධාරණය මෙලෙස හෙලිකිරිමට සිදුවු බව පුුකාශ කරමි.
තවද මෙම හේතුවෙන් සමස්ථ ශිුු ලංකා යුදහමුදාව ගැන වැරදි වැටහීමක් ඇති නොකරගන්නා ලෙස මා ආයාචනා කර සිටිමි .

පහරදිමෙන් මට ලද ශාරිරික හිංසනය පිලිබද ඡයා පෙලක් පලකරමි...........





Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී හමුදා කණ්ඩායමක් තමන්ට අමානුෂික ලෙස පහරදුන් බවට රෝගියෙකුගෙන් සටහනක්
කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී හමුදා කණ්ඩායමක් තමන්ට අමානුෂික ලෙස පහරදුන් බවට රෝගියෙකුගෙන් සටහනක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_rRr7dTfSS8Ne9-dQ5nG4wrlonRDe7McJsa3q91DRw7FUZAGzT9osM3luh9PA5FYRBTClGlB_P_Jh3a2BZC6tVLRdLEAfk7L8OaY2kd9JPsi1wJVrf_6Sv3t4Uq5_IPT8Q6ISZC8AcDI/s320/hamuda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_rRr7dTfSS8Ne9-dQ5nG4wrlonRDe7McJsa3q91DRw7FUZAGzT9osM3luh9PA5FYRBTClGlB_P_Jh3a2BZC6tVLRdLEAfk7L8OaY2kd9JPsi1wJVrf_6Sv3t4Uq5_IPT8Q6ISZC8AcDI/s72-c/hamuda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_450.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_450.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy