මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයට ඇතුළුවන ප්‍රධාන පිවිසුමේ මගීන්ගේ ගමන්මලු පරීක්ෂා කිරීම සඳහා ස්ථාපිත කර තිබූ එකම ගමන්මලු ස්ක...
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයට ඇතුළුවන ප්‍රධාන පිවිසුමේ මගීන්ගේ ගමන්මලු පරීක්ෂා කිරීම සඳහා ස්ථාපිත කර තිබූ එකම ගමන්මලු ස්කෑනර් යන්ත්‍රය අද (11) ඉන් ඉවත්කර කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබේ.
මත්තල ගුවන්තොටුපළ ආරම්භයේදී මෙවැනි ස්කෑනර් යන්ත්‍ර 06ක් ගුවන්තොටුපළ පරිශ්‍රයේ ස්ථාන කිහිපයක ස්ථාපිත කර තිබූ බවත් විටින් විට එම ස්කෑනර් යන්ත්‍ර 6 අතරින් ස්කැනර් යන්ත්‍ර 3ක් මීට පෙර ඉවත් කරගෙන ගිය බවත් ගුවන්තොටුපළ සේවකයෝ පවසති.
මෙලෙස මගී පර්යන්තයට ඇතුළු වන ස්ථානයේ තිබූ ස්කෑනර් යන්ත්‍ර ඉවත් කිරීම ගුවන් තොටුපොළ ආරක්ෂාවට තර්ජනයක් බව එම ගුවන්තොටුපළ සේවකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.
COMMENTS