නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත හා සමාන තොරතුරු ඇතුලත් කූඨ ලේඛනයක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ රහසිගතව සඟවා ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සභාපති...
නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත හා සමාන තොරතුරු ඇතුලත් කූඨ ලේඛනයක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ රහසිගතව සඟවා ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි. එල්. පිරීස් මහතා පවසයි.
එම ලේඛනයේ පිටපතක් තමන් සතුව තිබෙන බවත් එහි ඇතුලත් කරුණු රටට ඉතාමත් අහිතකර බලපැම් එල්ල කරන බව අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා අවධාරණය කළේය.
මෙම ලේඛනයේ සඳහන්වන පරිදි ජනාධිපති ධුරය නාමයට පමනක් සිමා වුවක් වන අතර දෙවතාවක් ජනාධිපති ධුරයේ සිටි පුද්ගලයෙකුට නැවතත් ජනාධිපති අපෙක්ෂකයෙක් විය නොහැකි බවද එම ලේඛනයේ සඳහන් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
තවද ද්විත්ව පුරවැසිභාවය ඇති පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වේ නම් එම පුද්ගලයා ද්විත්ව පුරවැසිභාවය අහෝසිකර මාස 12ක් අවසන් වි තිබිය යුතු බවද එම ලේඛනයේ සඳහන් වන බව ජි. එල්. පිරීස් මහතා අවධාරණය කළේය.
රාජපක්ෂ පවුල ඉලක්ක කර ගනිමින් මෙලෙස නව ව්‍යවස්ථා ගෙන ඒමට වත්මන් ආණ්ඬුව ක්‍රියා කරන බව ඔහු වැඩිදුරටත් පැවසී ය.
COMMENTS