පොතුවිල් ඓතිහාසික මුහුදුමහා විහාරස්ථානය ආසන්නයේ පිහිටා තිබූ ඓතිහාසික වටිනාකමකින් යුත් සෙක්කු ගල කිසියම් පිරිසක් විසින් ගිනිතබා කඩා විනාශකර...
පොතුවිල් ඓතිහාසික මුහුදුමහා විහාරස්ථානය ආසන්නයේ පිහිටා තිබූ ඓතිහාසික වටිනාකමකින් යුත් සෙක්කු ගල කිසියම් පිරිසක් විසින් ගිනිතබා කඩා විනාශකර ඇති බව පොතුවිල් ඓතිහාසික මුහුදුමහා විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රසිරි හිමියෝ පවසති.
මේ ආකාරයට නැගෙනහිර පළාතේ තිබෙන ඓතිහාසික නටඹුන් මෑතක සිට විශාල වශයෙන් විනාශකරගෙන යන බවත්, මේ සම්බන්ධයෙන් වගකිවයුතු අංශ කෙරෙහි අවදානය යොමුකර නොමැති බවත් උන්වහන්සේ පැවසූහ. මේ පුරාවස්තුවට ගිනිතැබීම පිළිබඳව පොතුවිල් පොලීසියට පැමිණිලි කර ඇති අතර, මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව පොතුවිල් පොලීසිය කියයි.
COMMENTS