දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එමරල්ඩ් ෆැෂන් නවතම ජැකාර්ඩ් සහ බර්න්අවුට් ෂර්ට් එකතුව එළිදක්වයි.
Homeගොසිප්

එමරල්ඩ් ෆැෂන් නවතම ජැකාර්ඩ් සහ බර්න්අවුට් ෂර්ට් එකතුව එළිදක්වයි.

PropellerAds

තම ගනුදෙනුකරුවන්ගේ විලාසිතා අවශ්‍යතා නව පියවරකට ඔසවා තබනු වස්, අනර්ඝතම නිමැවුම් සඳහා ප්‍රචලිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය...

පාස්පොට් නඩුව - ශෂී වීරවංශ අධිකරණය මගහරී
ලංකාවේ දේශපාලන අර්බුදය නිසා රටවැසියන් දුක්විඳී - ද හින්දු පුවත්පත
අමනාපකම් අතැර මෙගන් මාර්කල්ගෙන් පියාට නත්තල් සුබපැතුමක්

තම ගනුදෙනුකරුවන්ගේ විලාසිතා අවශ්‍යතා නව පියවරකට ඔසවා තබනු වස්, අනර්ඝතම නිමැවුම් සඳහා ප්‍රචලිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන එමරල්ඩ් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම, සිය නවතම ජැකාර්ඩ් (Jacquard) සහ බර්න්අවුට් (Burnout) ෂර්ට් එකතුව එළිදැක්වීමට පියවර ගෙන ඇත.

සිය නවතම ෂර්ට් එකතුව එළිදක්වමින් එමරල්ඩ් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී ෆස්නි අමනුල්ලා මහතා මෙසේ පවසා සිටියේය. “විශේෂිත මුද්‍රණ හා මෝස්තර වලින් යුත් මෙම නවීන විලාසිතා එකතුව, වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම හා නව්‍යකරණය වූ රෙදිපිලි වල සාම්ප්‍රදායික රසය සුරැකීම සම්බන්ධයෙන් වන අපගේ විශේෂඥතාවයට සාක්ෂි දරයි.”

සාමාන්‍ය විවීමකට සාපේක්ෂව ජැකාර්ඩ් විවීමක දී භාවිතා කරන තාක්ෂණය හේතුවෙන් වඩාත් ස්ථායී, මෘදු, සුවපහසු නිමැවුමක් ලබාගැනීමේ හැකියාව පවතී. ඒ සඳහා භාවිතා වන සුවිශේෂී වූ ස්වයංක්‍රීය ක්‍රියාවලිය සැලසුම් කර ඇත්තේ සෑම නූල් පටකම ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින් වන අතර  එහිදී යොදාගැනෙන හිතකර වර්ණ රැඳවුම් හේතුවෙන් ඩයි කිරීමේ හෝ මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවයක් ද ඇති නොවේ. මේ අතර බර්න්අවුට් නිමැවුමක් යනු මිල අධික ව්‍යූහාත්මක ක්‍රියාවලියක ප්‍රථිඵලයක් වන අතර එමගින් වර්තමාන විලාසිතා ප්‍රවණතාවන්ට අනුකූල වූ නව්‍ය මෝස්තර සහ නවීන තාක්ෂණය යන දෙකෙහි අද්විතීය එකතුවක් එළිදැක්වේ.

ඉතා මිල අධික රෙදි වර්ග දෙකක සංයුතියෙන් එළි දැක්වුණු මෙම එකතුව එමරල්ඩ් පාරිභෝගික ඔබට සැපයෙන්නේ රු. 1995 - 2995 අතර ඉතා අඩු මිලකටය. මෙම ෂර්ට් එකතුව Shirtworks ප්‍රදර්ශනාගාර වලින් සහ දිවයින පුරා විසිරී සිටින වෙළඳ නියෝජිතයන්ගෙන් ස්ලිම් ෆිට්, රෙගියුලර් ෆිට්, අත් දිග සහ අත් කොට යන සියළු ආකාරයෙන් මිල දී ගැනීමේ හැකියාව පවතී.

දශක 6ක් පුරාවට ක්ෂේත්‍රයේ නම රැන්දූ එමරල්ඩ් සමාගමේ විශ්වාසය වන්නේ ශ්‍රී ලංකාවේ මහත්මයන් හට ලැබිය යුත්තේ හොඳම දේ බවයි. ඒ අනුව තම ප්‍රමිතීන්ට අනුකූල ෂර්ට් නිර්මාණය කිරීමේ දී සැමවිටම ගුණාත්මකභාවය, විශ්වාසනීයත්වය හා නව්‍යකරණය කෙරෙහි ඔවුන්ගේ විශේෂ අවධානය යොමු වේ. කීර්තිමත් අන්තර්ජාතික මෝස්තර නිර්මාණ ශිල්පියෙකු වන අරුන් කුමාර් තිවාරිගේ මගපෙන්වීම යටතේ ISO 9001:2015 තත්ත්ව සහතිකය හිමි එමරල්ඩ් නිෂ්පාදන ඒකක තුල නිමැවෙන ෂර්ට්, ටී-ෂර්ට්, යට ඇඳුම් සහ දිගු කලිසම් ආදී නිෂ්පාදන රැසකි.

Crocodile වැනි කීර්තිමත් ජගත් වෙළඳ නාම නියෝජනය කරන එමරල්ඩ් සමාගම, Shirtworks වෙළඳසැල් සහ රට තුල පුළුල්ව ව්‍යාප්ත වූ තම අලෙවි ජාලය හරහා ෂර්ට් වෙළෙඳපොළ තුළ නව විලාසිතා ප්‍රවණතා බිහි කරමින් සිටී. නූතන මහත්මයෙකු සතු අංගයක් වශයෙන් එමරල්ඩ් නාමය ප්‍රචලිත කිරීම සඳහා ලොව ප්‍රකට ක්‍රිකට් තරු යුගලයක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන සන්නාම තානාපතිවරුන් වශයෙන් එමරල්ඩ් හා එක්ව සිටී.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එමරල්ඩ් ෆැෂන් නවතම ජැකාර්ඩ් සහ බර්න්අවුට් ෂර්ට් එකතුව එළිදක්වයි.
එමරල්ඩ් ෆැෂන් නවතම ජැකාර්ඩ් සහ බර්න්අවුට් ෂර්ට් එකතුව එළිදක්වයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNyEfyBK9WPq-3xFWa00cChP5WtJi_TvsItr5f64c82cX0WyxZ8Dsa9aAg9jM_yu1gZZDO8klIgL5hGv10XyKXN_xYvto32wJS8ErKxQ4hro6KMFFoHuy2yqKtkQqZtgwExiB7UeQGvfU/s1600/Photo-011.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNyEfyBK9WPq-3xFWa00cChP5WtJi_TvsItr5f64c82cX0WyxZ8Dsa9aAg9jM_yu1gZZDO8klIgL5hGv10XyKXN_xYvto32wJS8ErKxQ4hro6KMFFoHuy2yqKtkQqZtgwExiB7UeQGvfU/s72-c/Photo-011.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_826.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_826.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy