මේ වනවිට ගැබිනියකව සිටින බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ බිරිය මෙගන් මාර්කල් ඇයගේ ඇමරිකානු පවුල සමග පවත්වන සම්බන්ධතා විවාහය ආසන්න කාලයේ සිට අත...
මේ වනවිට ගැබිනියකව සිටින බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ බිරිය මෙගන් මාර්කල් ඇයගේ ඇමරිකානු පවුල
සමග පවත්වන සම්බන්ධතා විවාහය ආසන්න කාලයේ සිට අත්හැර දැමූ බව ප්‍රකට කාරණාවකි. සිය පළමු විවාහය අසාර්ථකවී හුදෙකලා ජීවිතයක් ගතකළ කාලයේ ඇයට හැරී කුමරු මුණගැසුණත් විවාහය සිද්ධ වනතුරුම මෙගන්ගේ පියා හැරීව දැක තිබුනේ නැත.
මෙගන්ගේ පියා තෝමස් ඇමරිකාවේ වාසය කරමින් සිටි අතර පසුගිය මැයි මාසයේ පැවති රාජකීය විවාහයට බ්‍රිතාන්‍ය රැජිණගේ ගෞරවනීය ආරාධනයද ඔහු ප්‍රතික්ෂේප කළේය.විවාහයට පැමිනයේ මෙගන්ගේ මව පමනක් වන අතර හදිසි හෘදරෝගයක් වැළඳුන බවට ඔහු රඟපෑමක් කළේය.
කරුණු මෙසේ තිබියදී
දැන් ගැබිණි සමයේ කල්ගත කරන මෙගන්ව බලන්නට ඔහුට උවමනාවක් තිබුනේද යන්න පැහැදිලි නැත.
මේ අතර එංගලන්තයේ පළවන 'ද මේල් ' පුවත්පත වාර්තා කරන්නේ මෙගන් සිය පියා සමග සම්බන්දය යලි අරඹන්නට ආසාවෙන් පසුවන බවයි. ඒනිසාම ඇය ඔහුට නත්තල් සුබපැතුම්පතක්ද එවා ඇති බවයි. එහි ඡායා පිටපතක්ද එම පුවත්පත පළ කර තිබුණි.

COMMENTS