යාපනයේ දී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා අද දිනයේ තමා හමුවන ලෙස රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ට උපදෙස් ලබාදී ඇති බව අග්‍රා...
යාපනයේ දී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා අද දිනයේ තමා හමුවන ලෙස රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ට උපදෙස් ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පවතින නීතිමය තත්ත්වය යටතේ ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ පවතින නීතිමය තත්ත්වය යටතේ ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.
රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා අපරාධ කොට්ඨාශය වෙත යොමුකර තිබේ.
ඒ අනුව අපරාධ කොට්ඨාශයේ ජේයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ අදාළ විමර්ශන සිදුකරන ලෙසයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් ලබාදී ඇත.
රාජ්‍ය ඇමතිණි විජයකලා මහේෂ්වරන් අග්‍රාමාත්‍යවරයා හමුවීමට යාපනයේ සිට කොළඹට පැමිණ ඇති බව වාර්තා වේ.
අද (04) පස්වරු 6.30ට අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදුවීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ගොඩ නැගිය යුතු බවට රාජ්‍ය උත්සවයකදී විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය සිදුකළ ප්‍රකාශය පිළිබඳව මේ වනවිට සමාජය තුල මතුව ඇත්තේ දැඩි කතාබහකි.
COMMENTS