මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම හා නියෝග දීම රටේ පාලකයාගේ සහ අධිකරණයේ කටයුත්තක් බැවින් එම කටයුත්ත වෙනත් පාර්ශවයකට සිදු කිරීමට අනුබල දීමට නොහැක...
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම හා නියෝග දීම රටේ පාලකයාගේ සහ අධිකරණයේ කටයුත්තක් බැවින් එම කටයුත්ත වෙනත් පාර්ශවයකට සිදු කිරීමට අනුබල දීමට නොහැකි බවට උතුරේ බෞද්ධ විහාරස්ථානයන්හි විහාරාධිපති වරුන් කියා සිටියහ.
ඊයේ (18) දින වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේදී වව්නියාව හා මුලතිව්, වැලිඔය යන ප්‍රදේශයන්හි විහාරාධිපති හිමිවරුන් විසින් මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් මේ බව කියා සිටියේය.
එහිදී අදහස් දැක්වූ උතුරු නැගෙනහිර දෙපලාතේ ප්‍රධාන සංඝනායක ශ්‍රි බෝධිදක්ෂිණාරාමාධිපති සියඹලාගස්වැවේ විමලසාර හිමියන් කියා සිටියේ
‘පසුගිය දිනයන්හි එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් විවිධ මත අහන්න දකින්නට ලැබුනා එල්ලුම් ගහ ගැන අප කතා කලත් තීන්දු තීරණ ගන්නේ රටේ පාලකයා සහ අධිකරණය නමුත් එල්ලුම් ගහ දඩුවම් නියම කිරීම ගැන කිසිවෙකුට ප්‍රසිද්දියේ කියා සිටීම නොකළ යුතු දෙයක් වශයෙන් මා දිකනවා. පසුගියදා බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකුත් මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා දැක්කා එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවානම් ඉස්සෙල්ලාම එල්ලා මැරිය යුත්තේ අමාත්‍ය රිෂාඩු බදියුදීන් කියලා එම ප්‍රකාශය උතුරේ නාහිමි වරුන් හැටියට තරයේම හෙලා දකින්වා එවැනි ප්‍රකාශ මගින් ජාතී වාදී ආගම්වාදී ගැටලු වුවද ඇති වීමට හැකියි අනෙක් කාරණය තමයි එල්ලලා මැරීම වැනි ප්‍රකාශයක් සිදු කිරීම බෞද්ධ භික්ෂුවකට කිසිසේතම ඔබින්නේ නැහැ එවැනි ප්‍රකාශයන් ඉතා නින්දිත ප්‍රකාශයන් වශයෙන් අපි හෙලා දකිනවා. එවැනි ප්‍රකාශයන් මගින් ඉතා අසීරුවෙන් ලබා ගත් මේ සාමය කැඩෙන්නට ඉඩ ඇති අතරම ජාති භේද ආගම් භේද ඇති කිරීමට දැඩි ලෙස ඉවහල් වෙනවා”
‘මොකද උතුරු ප්‍රදේශයේ ජීවත් වෙන මේ භෞද්ධ භික්ෂූන් වහන්සේලා අදාල අමාත්‍ය වරයා පිළිබඳව හොඳින් දන්නවා එතුමාගේ ජාතියට එතුමා අවශ්‍ය පරිදි පල්ලි , නිවාස ඇතුලු අනෙකුත් පහසුකම් දෙනවා තමයි ඒ එතුමන්ගේ වගකීම නමුත් එතුමන් එතුමන්ගේ ජාතියට පමණක් සීමා වෙලා නැහැ මේ වෙනකොට උතුරේ දෙමළ සිංහල ජනතාවට බෞද්ධ වෙහෙර විහාරස්ථාන ඉදිකිරීමට ඇප කැප වී වැඩක් කරපු එකම අමාත්‍ය වරයා කියලා අපිට කියන්න පුලුවන් වෙන්නේ අපි මේ පලාතේ ඉන්න නිසා අපි දන්න නිසා ඒ නිසා ඇත්ත කියන්න අපි බිය විය යුතු නැහැ වෙනත් අමාත්‍ය වරයෙකුට එවැනි ප්‍රකාශයක් සිදු කර තිබුනේනම් අද කුමක් වී ඇත්ද නමුත් එතුමා නිහඩව අපිත් සමග බොහොම සහෝදරත්වයෙන් කටයුතු කරනවා. “
එම නිසා පෞද්ගලික කෝපයන් නිසා මෙවැනි ප්‍රකාශයන් භෞද්ධ භික්ෂුවක් ප්‍රකාශ කිරීම අපි සියලුම හිමි වරුන් නැවත නැවත දැඩි ලෙස හෙලා දකින බව පවසා ඇත.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS