මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් පිළිබඳව පැමිණිලි 220 ක් දක්‌වා වැඩි වී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි. එ...
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් පිළිබඳව පැමිණිලි 220 ක් දක්‌වා වැඩි වී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි.
එයින් බරපතළ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට අදාළ පැමිණිලි ගණන 25 ක් වන අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි ගණන 162 කි.
රාජ්‍ය බලය, දේපළ හා නිලධාරීන් අයුතු ලෙස භාවිතයට අදාළව පැමිණිලි 23 ක්‌ද එම සංවිධානයට ලැබී තිබේ. පහරදීම් 06 ක්, දේපළ හානි කිරීම් 06 ක්, නීති විරෝධී ප්‍රචාරක කටයුතු පිළිබඳ පැමිණිලි 51 ක්, දේශපාලන අරමුණු ඇතිව සංග්‍රහ කිරීම් 40 ක් රජයෙන් ලබා දෙන දීමනා හා ආධාර දේශපාලනික අර්ථයෙන් ලබාදීම් 12 ක්‌ද එම සිද්ධි අතර වෙයි.
COMMENTS