මාකඳුරේ මදුෂ්ගේ සමීපතමයෙකු වන ජෝශප් කුමාර නොහොත් ජෝශා සහ ඔහුගේ ගෝලයින් තිදෙනෙකු වැලිපැන්න ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ...
මාකඳුරේ මදුෂ්ගේ සමීපතමයෙකු වන ජෝශප් කුමාර නොහොත් ජෝශා සහ ඔහුගේ ගෝලයින් තිදෙනෙකු වැලිපැන්න ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ළඟ තිබී ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සොයාගත් බවයි පොලීසිය කියා සිටියේය.
කලුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව අද උදෑසන 7.30 පමණ වැටලීම සිදුකර තිබිණි.
එහිදී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක්,මැගසිනයක් සහ ජීව උණ්ඩ 10 ක් සහ හෙරොයින් ග්‍රෑම් 5 ක් සහ මෝටර් රථයක් සමග සැකකරුවන් 4 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියාසිටියේය.
ගිනි අවි උණ්ඩ සහ හෙරොයින් සොයාගෙන ඇත්තේ ජෝශා නම් සැකකරු සතුව තිබියදීය.
38 හැවිරිදි සැකකරු වැලිපැන්න ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
රත්මලාන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්, උඩවලව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙක් සහ රත්මලාන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට පත් අනෙක් සැකකරුවන් වේ.
ජෝශප් කුමාර නොහොත් ජෝශා නම් සැකකරු හිටපු යුද හමුදා සෙබලෙකු වන අතර ඔහු මාකඳුරේ මදුෂ්ගේ අපරාධකරුගේ ගෝලයෙක් බව හෙළිවී ඇත.
ඔහුට පානදුර සහ ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණවල නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බව ද පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් හෙට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS