හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරයිට එරෙහිව යාපනය කෝපායි පොලිස් බල ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ප...
හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරයිට එරෙහිව යාපනය කෝපායි පොලිස් බල ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පෝස්ටර අලවා ඇති බවට ප්‍රදේශවාසීන් කියා සිටයහ.
සිවසේනා සංවිධානය නමින් හැඳින්වෙන සංවිධානය විසින් මෙම පෝස්ටර් අලවා ඇති අතර එම පෝස්ටරයෙන් පෙන්වා දී ඇත්තේ
‘යාපනය පුන්කුඩතිව්හි ඝාතනය කල විද්‍යා ඝාතකයින් ආරක්ෂා කල රුපියල් කෝටි 50 කට ඇමති පදවිය අතහැර විජයලකාට කුමන මන්ත්‍රී පදවිද . යනුවෙනි.
පුන්කුඩතිව්හි දූෂණය කොට ඝාතනය කරන ලද පුද්ගලයින්ගෙන් ප්‍රධාන ඝාතකයා වූ ස්විස්කුමාර් නැමත්තා ආරක්ෂා කරමින් කොළඹ දක්වා යෑමට උත්සහ දැරීමට විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය එවකට දැඩි උත්සහයක යෙදුනු බවටත් කිසියම් පාර්ශවයක අවශ්‍යතාවයන් මත ප්‍රභාකරන් නැවත අවශ්‍ය බවටත් ඒ වෙනුවෙන් රුපියල් කෝටි 50 ක මුදලකට ඇමති පදවිය අතහැර දැමූ හෙයින් එවැනි අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද නොලැබිය යුතු බවට සිව සේනා සංවිධානය මගින් අදාල පොස්ටරයෙන් දැනුම් දී ඇති බවට කෝපායි ප්‍රදේශවාසීන් කියා සිටියහ.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS