ස තියක් පුරා ගොම්මන් වේලාවේ ගුවනේ සරණ ඩ්‍රෝන කැමරාවක් සම්බන්ධයෙන් මහනුවර තලාතුඔය සහ ගලහා පොලිස් නිලධාරිහු සෙවිල්ලෙන් සිටිති. සැක සහිත ලෙස...
සතියක් පුරා ගොම්මන් වේලාවේ ගුවනේ සරණ ඩ්‍රෝන කැමරාවක් සම්බන්ධයෙන් මහනුවර තලාතුඔය සහ ගලහා පොලිස් නිලධාරිහු සෙවිල්ලෙන් සිටිති.
සැක සහිත ලෙස සවස හයෙන් පසුව ගුවන් ගත කරන මෙම ඩ්‍රෝන කැමරාවට ඉකුත් දිනෙක ශ‍්‍රී ලංකා නාවික හමුදාව වෙඩි තබා ඇති නමුත් කැමරාව වෙඩි පහරට හසුව නැතැයි පොලිස් නිලධාරිහු පවසති.
මෙම ඩ්‍රෝන කැමරාව දක්නට ලැබෙන අවස්ථාවන්හිදී ඒ සම්බන්ධයෙන් හැකි තරම් පරීක්ෂණ සිදු කරන බවද , මේ වන විට පිදුරුතලාගල සම්ප්‍රේෂණ කුළුන භාර නිලධාරින්ටද මේ බව දැනුම් දී ඇතැයිද තලාතුඔය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ක‍්‍රිෂාන්ත මහතා පැවැසීය. ගලහ පොලිස් ස්ථානාධිපතිවරයාද කියා සිටියේ මේ වන විට පොලිස් නිලධාරින් යොදවා ඩ්‍රෝන කැමරාව පිළිබදව පරීක්ෂණ සිදු කරන බවයි.
පොලිස් නිලධාරින් හෝ මහජනතාව නොමග යවමින් විනෝද වීම පිණිස මෙම ඩ්‍රෝන කැමරාව ගුවන්ගත කරමින් කටයුතු කරන්නේ නම් හදිසි නීතිය යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තදින් නීතිය ක‍්‍රියාත්මක කරන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර කුමාර මහතා කියා සිටී.
(දිවයින)

COMMENTS