පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුබෑමකට ලක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසය...
පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුබෑමකට ලක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින් දැනුවත් කිරීම වෙනුවෙන් මහනුවර පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“පොරොන්දු පත්‍රිකාවක් රටේ ජනතාව ඉදිරියේ තිබ්බා. මහින්ද මහත්තයා පැරදිලා මැදමුලනට ගියා බැරි වෙලාවත් ඒ දුන්නු පොරොන්දු පත්‍රිකාවෙන් 50%ක්වත් ඉෂ්ඨ කරලා තිබුණා නම් අපිට දේශපාලනයේ අලුත් ගමනක් යන්න ඉඩක් නැහැ. අපි ඒක පිළිගන්නවා. 2018 පෙබරවාරි 10න් පස්සේ මම විශ්වාස කරනවා පස්සට ආවා අපි අඩියක්. සමහර විට මේ ඇත්ත අහන්න කැමති නැහැ. සභාපතිලා උප සභාපතිලා පත් වෙනකොට ප්‍රශ්න මතු වුණා. ලැයිස්තුවේ මන්ත්‍රීකම් දෙනකොට ප්‍රශ්න මතුවුණා. දැන් එනවා ගම්පෙරලියක් කියලා එකක්, මන්ත්‍රීවරු ඔලුවේ අත තියාගෙන ඉන්නවා අද අරූ ගම්පෙරලිය කරලා ලක්ෂ 30ක් කොට්ඨාශයට ගෙනල්ලා මට මන්ත්‍රීවරයා හැටියට හම්බුනේ ලක්ෂ 2යි. ඒක ප්‍රශ්නයක්. මූන්ට විකුණගෙන කන්න දේවල් අපි හදලා දුන්නා. අද අපිට හූල්ල හූල්ල බලාගෙන ඉන්න වෙලා තියෙනවා.”
COMMENTS