මේ දිනවල සිදු වෙමින් පවතින වාර්ගික ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සිය අවධානය යොමු කර ඇති අතර, මෙම ප්...
මේ දිනවල සිදු වෙමින් පවතින වාර්ගික ප්‍රචණ්ඩකාරී සිදුවීම් පිළිබඳ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සිය අවධානය යොමු කර ඇති අතර, මෙම ප්‍රචණ්ඩ ක්‍රියා ඉතා දැඩි ලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
වැරදිකරුවන්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙසත්, ආපදාවට ලක් වී තිබෙන ප්‍රදේශවල සාමාන්‍ය තත්ත්වය නැවත ඇති කිරීම සඳහා යෝග්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසත් එක්සත් ජාතීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
තවද නීතියේ ආධිපත්‍යයට ගරු කරන ලෙස හා මානව හිමිකම් සුරකින ලෙස ද, ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තහවුරු කරන ලෙස ද එක්සත් ජාතීන් බලධාරීන්ගෙන් හා පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරයි.
COMMENTS