මෙරට ප්‍රමිතියට ගැලපෙන ටින් මාලු ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත....
මෙරට ප්‍රමිතියට ගැලපෙන ටින් මාලු ආනයනය කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
ටින් මාලු අර්බුදය හා වෙළෙඳ පොළ ආශ්‍රිත විශේෂ සාකච්ඡාවකදී මේ බව අනාවරණය වූ අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රජයේ වාණිජ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහු සහ මාළු ආනයනකරුවන්ගේ සංගමයේ නිලධාරිහු මෙම සාකච්ඡාවට සහභාගී වූහ.
පරපෝෂිතයන් සිටීම නිසා පසුගියදා ආනයනික ටින් මාලු බහාලුම් තොග ගණනාවක් තහනම් කර නැවත අපනයනය කිරීමත් සමඟ ටින් මාළු ක්ෂේත්‍රයේ මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය විසදීම මෙම සාකච්ජාවේ අරමුණ විය.
මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මහතා ටින් මාළු ප්‍රමිතිය ආශ්‍රිතව මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධව අදාළ සියලුම පාර්ශවයන් සමඟ සාකච්ජා කර අපේ රටේ ප්‍රමිතියට අනුව වඩාත් ගැළපෙන ටින්මාළු ආනයනය කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් සාකච්ජා කර යොදා ගත යුතු බවද කීය.
ආනයන ටින් මාළු තොග සම්බන්ධව මතුව තිබෙන අර්බුධය නිසා පසුගිය කාලයේ දේශීය සැපයුම්කරුවන් ආනයනය කළ ටින් මාළු තොග 31ක් දේශීය පරිභෝජනයට සුදුසු නොමැති බව දැන්ව තහනම් කර තිබෙන බවත් , මේ වන විට මතුව තිබෙන ටින් මාළු ආනයනය ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වය නිසා රට තුළ ටින් මාළු හිඟයක් ඇති වීමට පුළුවන් බව ද අප ඒ තත්ත්වය වළක්වන්න වහාම පියවර ගත යුතු බව ද අමාත්‍ය බදියුදීන් මහතා කීය.
අපේ ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන් හා සෞඛ්‍ය අංශයේ ප්‍රමිතීන් ගැන චීන සැපයුම්කරුවන් හා රජය සමඟ සාකච්ජා කිරීමට එරට දූත පිරිසක් මෙරටට ආරාධනා කරන අතර , ටින් මාළු ආනයනකරුවන්ගේ සංගමය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගෙන් සැඳුම්ලත් දූත පිරිසක් චීනයට යැවීමටත් කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
COMMENTS