ආවා කල්ලියේ සිදු කල සිදුවීඹ් රැසකට සම්බන්ධයැයි සැකකෙරෙන පොලීසියට අත්‍යවශ්‍යවම සිටි පෝල් නොහොත් පොල් වෙනිස්ටන් නැමත්තා අද (22) උදෑසන අත්අඩං...
ආවා කල්ලියේ සිදු කල සිදුවීඹ් රැසකට සම්බන්ධයැයි සැකකෙරෙන පොලීසියට අත්‍යවශ්‍යවම සිටි පෝල් නොහොත් පොල් වෙනිස්ටන් නැමත්තා අද (22) උදෑසන අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය කියා සිටියේය.
යාපනය නගරයේ ස්ථානයක සිටියදී යාපනය පොලීසියට ලද තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් පෝල් නැමත්තා අත්අඩංගුවට ගෙන ඇත.
මීට පෙර අවස්ථා කිහිපයකදී පෝල් නැමත්තා අත්අඩංගුවට ගැනීමට කෝපායිහි පිහිටි ඔහුගේ නිවසට පොලීසිය ගියද එම සියලු උත්සහයන් අසාර්ථක වී ඇත්තේ ඔහු නිවස තුල නොසිටීම හේතුවෙනි.
අත්අඩංගුවට ගත් පොල් වෙනිස්ටන් නැමත්තා අද දිනයේදී යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS