හෙට (11) දිනය තුළ එක්දින සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ විධායක සේවා නිලධාරීන් තීරණය කර තිබේ. දීපව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්...
හෙට (11) දිනය තුළ එක්දින සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ විධායක සේවා නිලධාරීන් තීරණය කර තිබේ.
දීපව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේ, නීති ක්ෂේත්‍රයේ පමණක් සිදුකර ඇති වැටුප් වැඩි කිරීම හේතුවෙන් රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාව මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
රාජ්‍ය ආයතන 19ක විධායක නිලධාරීන් මෙම වැඩ වර්ජනය සඳහා සහභාගී වන බව නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේය.
මේ අතර වැටුප් විෂමතාව ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ලබන සතිය තුළ වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද තීරණය කර තිබේ.
එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ අදාළ කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සාකච්ඡාවක් ලබා නොදුනහොත් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.
COMMENTS