ලුණුගම් වෙහෙර ප්‍රාදේශීය ලේකම්කොට්ඨාශය තුල සමෘද්ධි ලාභීන් 2501 එකක් සිටින අතර ඉන් 1500 කට අධික පිරසකගේ සමෘද්ධි ආධාර දීමනාව වෙනත් අයට ලබා ...
ලුණුගම් වෙහෙර ප්‍රාදේශීය ලේකම්කොට්ඨාශය තුල සමෘද්ධි ලාභීන් 2501 එකක් සිටින අතර ඉන් 1500 කට අධික පිරසකගේ සමෘද්ධි ආධාර දීමනාව වෙනත් අයට ලබා දී ඇති බවටයි විරෝධතා කරුවන් පවසා සිටියේ. නමුත් දැනට සමෘද්ධි ආධාර අහිමි වෙමින් ඇති අය සමෘද්ධි දීමනාව ලබා ගැනීමට සුදුසු මට්ටමේ සිටින බවත් මෙම කප්පාදුව අසාධාරණ බවත් විරෝධතා කරුවෝ පෙන්වා දෙති.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැය බාගයක පමණ කාලයක් ද පසුව ලුණුගම්වෙහෙර සිට වැල්ලවාය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයද අවහිර කරමින් පැය භාගයක පමණ කාලයක් ද මෙම පිරිස විරෝධතාවයේ නියැලුණි. මේ අතර ලුණුගම් වෙහෙර පොලිස් ස්ථානාධිපති එච්. බී. පී. දිසානායක මහතාගේ මැදිහත් වීමෙන් ප්‍රාදේශීය ලේකම්වරිය සමග සාකච්ඡාවක් සදහා විරෝධතා කරුවන්ට අවස්ථාව ලබාදීමෙන් පසු විරෝධතාවය අවසන් කළහ.
කෙසේනමුත් ප්‍රාදේශීය ලේකම්තුමිය සමග පැවති සාකච්ඡාවේදී ප්‍රාදේශීය ලේකම් ආර්.ඩී .බී .රණසිංහ මහත්මිය ප්‍රකාශ කර සිටියේ මිට වසර දෙකකට පමණ පෙර සිදුකරන ලද පරීක්ෂණයකදී ලබාදුන් තොරතුරු අනුව මේ වනවිට සමෘද්ධි සහනාධාරය ලබා දීමට කටයුතු කර ඇතිබවයි. නමුත් එහිදී තමන්හට යම් අසාධාරණයක් වී ඇතිනම් ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමටද අවස්ථාව ඇති බව ද එතුමිය ප්‍රකාශ කර සිටියාය. එමෙන්ම සමෘද්ධි සහනාධාරය නොලැබිය යුතු අයෙකුහට එය ලැබී ඇත්නම් ඒ බවද පෙත්සම් මගින් ලබාදීමට කටයුතු කරන ලෙසද විරෝධාතාකරුවන්ගෙන් ප්‍රාදේශීය ලේකම් වරිය ඉල්ලා සිටියාය.
- රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට-
COMMENTS