ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. මීට පෙර ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්ව...
ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මීට පෙර ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බාරදී තිබුණද ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීමේ ලිපිය බාරගෙන නොතිබූ බව වාර්තා පලවිය.
පෞද්ගලික හේතුවක් නිසා එසේ ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරයා විසින් හෙට (06) දිනයේදී නව ජනාධිපති ලේකම්වරයෙකු පත් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග පැවසී ය.
කෙසේවෙතත් ආරංචි මාර්ග සඳහන් කළේ ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාට කොන්දේ අමාරුවක් හටගෙන ඇති නිසාත්, සිය ධූර කාලය අවසන් වීම නිසාත් ඉල්ලා අස්වී ඇති බවයි.
2017 ජූලි 01 දින සිට ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කරන ලදී.
COMMENTS