එ ක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට කටයුතු කරන්නැයි වත්මන් එම පක්‍ෂ ප‍්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය...
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට කටයුතු කරන්නැයි වත්මන් එම පක්‍ෂ ප‍්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.
මෙවර පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී ද එක්සත් ජාතික පක්ෂයට ලබාදුන් තීන්දුවට හිස නමා සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකත්වය ලබා දෙන්නැයි ද ඔහු ඉල්ලා සිටියේය.
එසේ කළ හොත් ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සඳහා ශක්තිමත් ව කටයුතු කිරීමට හැකි වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
මේ හැර එක්සත් ජාතික පක්ෂයට වෙනත් විකල්පයක් නැතැයි ද පැවසු ඔහු එසේ නොකළහොත් මෙවර මැතිවරණය ප්‍රතිඵලයම ඉදිරි මැතිවරණවලදී ලැබිය හැකි යැයි ද කියා සිටියේය.
ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS