උතුරු පලාතට පළමු වතාවට මුස්ලිම් දිසාපති වරයෙකු පත් කරමින් ඊයේ (06) උදෑසන වව්නියාව දිස්ත්‍රීක්කය වෙනුවෙන් නව දිසාපති වශයෙන් අයි.එම්.හනීෆා ම...
උතුරු පලාතට පළමු වතාවට මුස්ලිම් දිසාපති වරයෙකු පත් කරමින් ඊයේ (06) උදෑසන වව්නියාව දිස්ත්‍රීක්කය වෙනුවෙන් නව දිසාපති වශයෙන් අයි.එම්.හනීෆා මහතා සර්ව ආගමික වතාවත් හමුවේ සුභ මොහොතින් වැඩ භාරගනු ලැබීය.
නව දිසාපතිතුමන් වැඩ භාරගන්නා අවස්ථාවේදී වව්නියාව දිස්ත්‍රීක්කයේ රජයේ කාර්යාලයන්හි ජ්‍යේෂ්ඨ නිලධාරී වරුන් රැසක් සහභාගී වෙමින් සුභ පතනු ලැබීය.
අයි.එම්.හනීෆා මහතා මීට පෙර මඩකලපුව සමන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි වන අතර සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් වරයා වශයෙන් සේව කළ අයෙක් වන අතර ප්‍රදේශයේ ජනතාවගේ ජනතා ප්‍රසාදයක් ලද අයෙකි.
වව්නියාව දිස්ත්‍රීක්කයේ මෙතෙක් සේවය කරන ලද දිසාපති සෝමරත්න විදානපතිරන මහතා ලබන සඳුදා සිට ගාල්ල දිස්ත්‍රීක්කයේ වැඩ භාර ගැනීමට නියමිතිව ඇත.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS