දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"තව දෙන්නෙක්ට දිවුරුම් දෙන්න පුළුවන් ඒක ඉස්සරහට වෙයි" - වජිර
Homeප්‍රවෘත්ති

"තව දෙන්නෙක්ට දිවුරුම් දෙන්න පුළුවන් ඒක ඉස්සරහට වෙයි" - වජිර

PropellerAds

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලය 30 ක් වන්නේ ජනාධිපති හා අගමැති නොමැතිවයි. ඒ නිසා ඉදිරියේ දී තවත් කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙක...

අය වැයෙන් වාහන මිල අඩු වැඩි වෙන හැටි මෙන්න
අන්තර්ජාල ගාස්තුවට, සිම් කාඩ්පතට අයවැයෙන් පසු වෙනදේ මෙන්න
අයවැයෙන් රථ වාහන අවම දඩය ඉහළට

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලය 30 ක් වන්නේ ජනාධිපති හා අගමැති නොමැතිවයි. ඒ නිසා ඉදිරියේ දී තවත් කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු දිවුරැම් දීමට හැකියාව තියනවා. ඒවා ඉදිරියේ දී සිදුවේවි" යැයි ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ඊයේ (23) දින හිනිදුම දී පැවති පාර්ලිමෙන්තු මන්ත්‍රී පියසේන ගමගේ මහතා විසින් සංවිධානය කර රැස්වීමක දීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"එදා මෙදා තුර එජාපය එකතු වු කිසිවෙකු මෙතෙක් අනාථ වුයේ නැහැ. වෙනත් පක්ෂ මෙන් අපිට එකතු වන අය පිට අය ලෙස අපි සලකන්නේ නැහැ. පිරිස් එකතු කර ගැනීමකින් තොරව ඡන්ද දිනා ගැනීමට නොහැකියි.. මෛත්‍රී ජනාධිපතිවරයාගෙන් පසු එන ජනාධිපතිවරයෙකුට කිසිම අමාත්‍යංශයක් දැරීමට හැකියාව නෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලය 30 ක් වන්නේ ජනාධිපති හා අගමැති නොමැතිවයි. ඒ නිසා ඉදිරියේ දී තවත් කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු දිවුරැම් දීමට හැකියාව තියනවා. ඒවා ඉදිරියේ දී සිදුවේවි. දැන් තියන පළාත් පාලන පනත අපිට වැරදක් වුනා. ඒක ඉරලා විසි කරන්න ඕන. මෙවැනි වැරදි ඉදිරියේ දී පළාත් සභාවට වෙන්න දෙන්න බෑ. අපි ජනවාරි 08 සහ අගොස්තු 17 යන මැතිවරණ දෙකේදීම කිව්වා පළාත් සභා මැතිවරණය කෑලි විදියට තියන්නේ නෑ. එකම දිනයක දී තියන්නේ කියලා. ඒ අනුව තමයි අපි ඒ පළාත් සභා ඡන්දය තියන්නේ. කෑලි කෑලි තිව්වාම වෙන්නේ ඉන්න ආණ්ඩුව රාජ්‍ය බලය මේකට යොදා ගන්නවා. දැන් තිබ්බොත් අපි මේ මැතිවරණයට රාජ්‍ය බලය යොදා ගන්නවා. නමුත් අපි ඒකට ඉඩ තියන්නේ නෑ. ඒ නිසා ඉදිරියේ දී එක් දිනයක දී මේ මැතිවරණය තියන්න අපි කටයුතු කරනවා. "

"කෙනෙක්ගේ පුරුදු භූමිය අපි ගන්නවා නම් එකේ වටිනාකම ලක්ෂ 05 යි නම් ලක්ෂ 25 ක් වත් වන්දි විදියට දෙන්න ඕන. එහෙම නැතිව පුරුදු භූමි ගන්න අපි සුදානම් නෑ. අපි එහෙම කරලා තමයි මේ ගිං ගඟ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ. මම දැන් කියනවා. ඔබේ ගංවතුරට අහුවෙන ඉඩම් අඩුගානට දෙන්න එපා. ඉදිරියේ දී ඒවාට හොද මිලක් ලැබෙනවා. ඔබේ පොලොවේ වටිනාකම වැඩි කරන්න අපි කටයුතු කරනවා. පක්ෂයක් පාටක් නැතිව හිනිදුම් පත්තුවට ගාල්ල දිස්තික්කයට මේ ගිං ගඟ ව්‍යාපෘතිය අත්‍යවශ්‍යයි. මේ ටක කිසි කෙනෙක් විරුද්ධ වෙන්නේ නෑ. අපේ දිස්ත්‍රික්කය දේශපාලනයේ පෙරේත පාදයට අහුවුන දිස්ත්‍රික්කයක්. වෙන ආණ්ඩු ගාල්ලට හොද ඇමති කමක් දෙන්නේ නෑ. නමුත් එජාප ආණ්ඩව මටයි, ගයන්තයි දෙන්නටම අද හොද ඇමති කම් දෙකක් ලැබිලා තියනවා. දැන් බලන්න පසුගිය මාස දෙකේ ආණ්ඩුවේ ගාල්ලේ කාටද කැබිනට් ඇමති කමක් දුන්නද? ඇයි නොදුන්නේ සුදුස්සෝ නැති නිසාද? නැ සුදුස්සෝ ඕන තරම් ඉන්නවා. නමුත් දෙන්නේ නෑ. අපි කැමතියි මොන පක්ෂයෙන් වුනත් මේ ගාල්ලට හොද ඇමති කම් ලැබෙනවා නම් නමුත් එජාප ආණ්ඩුව හැර වෙන ආණ්ඩුවක් නෑ ගාල්ලට හොද කැබිනට් ඇමති කම් දෙන.මේ දේශපාලනයේ දී අපි දැනගන්න ඕන එයාට මෙහාට කුහකම් කරලා ඡන්ද දිනන්න බෑ. ඒ නිසා අපි ගන්න ඕන මිනිහා ගන්නම ඕන. එහෙම නැතිව ඡන්ද දිනාගැනිමට නොහැක."යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "තව දෙන්නෙක්ට දිවුරුම් දෙන්න පුළුවන් ඒක ඉස්සරහට වෙයි" - වජිර
"තව දෙන්නෙක්ට දිවුරුම් දෙන්න පුළුවන් ඒක ඉස්සරහට වෙයි" - වජිර
http://am.lk/media/k2/items/cache/662c47b57aabcb5d08ecb172cd3902f5_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_887.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_887.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy