කොළඹ, නවම් මාවතේ පිහිටි රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රදර්ශනාගාරය වෙනත් ස්ථානයකට රැගෙන යාමට රජයේ තීරණයට එහි සේ...
කොළඹ, නවම් මාවතේ පිහිටි රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රදර්ශනාගාරය වෙනත් ස්ථානයකට රැගෙන යාමට රජයේ තීරණයට එහි සේවකයන් විරෝධය පළ කරයි.
චීන සමාගමකට සංස්ථා භූමිය ලබාදීම සඳහා මෙලෙස දැනට පවතින ස්ථානයෙන් එය ඉවත් කිරීමට බලධාරින් කටයුතු කර ඇති බව එලෙස ඉවත් කෙරෙන රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය තුළ පිහිටුවීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.
ඒ සඳහා ආර්ථික මධ්‍යස්ථානය අයත් වන ග්‍රාමීය ආර්ථික කටයුතු පිලිබඳ අමාත්‍යාංශයෙන් ද විමසීම් කර තිබේ.
නවම් මාවතේ ගොඩනැගිල්ලෙන් වෙනත් ස්ථානයකට සංස්ථාව ගෙන යන්නේ නම් ඒ සඳහා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය නොව, රාජගිරියේ පිහිටි සංස්ථාවට අයත් වෙනත් ගොඩනැගිල්ලක් ලබාදෙන ලෙස රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ සේවකයන් සඳහන් කරයි.
චීන සමාගමකට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මෙම භූමි ප්‍රදේශය ලබාදෙන බවත් බස්නාහිර නගර සංවර්ධන සැලැස්මට අනුව එය සිදුවන අතර, එමගින් සංස්ථාවට ගැටලූවක් නොවන බවත් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ ප්‍රධානියෙකු සඳහන් කළේය.
COMMENTS