පු ල්මුඩේ ප්‍රදේශයේදී යුද හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි පරික්ෂාවකදී මුසලිම් ජාතිකයෙකුගේ නිවසේ තිබී ඩෙටනේටර්ල සේවානූල් ඇතුලු බෝම්බ පිපිරව...
පුල්මුඩේ ප්‍රදේශයේදී යුද හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි පරික්ෂාවකදී මුසලිම් ජාතිකයෙකුගේ නිවසේ තිබී ඩෙටනේටර්ල සේවානූල් ඇතුලු බෝම්බ පිපිරවීමට යොදාගන්නා උපකරණ තොගයක් අද (02) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ උපදෙස් පරිදි අරඹා ඇති සෝදිසි මෙහෙයුම් වලදී 62 වන සේනාංකායේ 622 බලසේනාවේ 20 ගජබා රෙජිමෙන්තුවේ සෙබලුන් විසින් පුල්මුඩේ පොලිස් නිලධාරීන්ගේ සහ නාවික හමුදාවේද සහය ඇතිව පුල්මුඩේ ප්‍රදේශයේ පූරණ සෝදිසි මෙහෙයුමක් අද උදෑසන දියත් කොට තිබූ අතර එහිදී මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසේ තිබී මෙම උපකරණ තොගය හමු වී ඇත.
එහිදී ඩෙටනේටර් 89ක්ල සේවානූල් 32ල වෝටර් ජෙල් කියුබ් 8ක් සහ ඩෙටනේටර් චාර්ජස් 2ක් සොයාගත් උපකරණ වන අතර මෙම උපකරණ බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා බවට යුද හමුදාව පවසයි.
එහිදී අදාල නිවසේ හිමිකරු වන ෆලීම් මොහොමඩ් මොහොමඩ් රිෂාබ් නැමත්තා මේ වන විට පලා ගොස් ඇති අතර ඔහු පුල්මුඩේ රෝහලේ ආරක්ෂකයෙකු වශයෙන් සේවය කර ඇති අතර එම සැකකරුගේ වැඩිමල් සොහොයුරු වන මෙයිනා මහම්මුදු මර්සුප් නැමත්තා යුද හමුදාව හා පොලීසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර පලා ගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීමට පුල්මුඩෙයි පොලීසිය පරික්ෂණයක් අරඹා ඇත.
අත්අඩංගුවට ගත් ඩෙටනේටර් ඇතුලු උපකරණ තොගය පුල්මුඩේ පොලීසිය වෙතට භාර දීමට යුද හමුදාව විසින් පියවර ගෙන ඇත.
මුලතිව් ශෂිකුමාර්

COMMENTS