ගායන ශිල්පිනියක වන ප්‍රියානි ජයසිංහ කතුරකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට ඇයගේ සැමියා අද (09) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගෙන ...
ගායන ශිල්පිනියක වන ප්‍රියානි ජයසිංහ කතුරකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියට ඇයගේ සැමියා අද (09) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පානදුර දුම්රිය ස්ථානයේ සිටියදී බව වාර්තා වේ.
පානදුර - කුඩාඅරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි ඇය ඊයේ (08) රාත්‍රි 8.45 ට පමණ සැමියා විසින් ඝාතනය කොට ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවිය.
ස්වාමි පුරුෂයා ප්‍රදේශය අතහැර පලාගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර දෙදෙනා අතර වසරක පමණ කාලයක සිට නිතර නිතර ගැටුම් ඇතිව තිබෙන බව ද සඳහන් විය.
COMMENTS