පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය. ඒ මිරිදිය ධීවර ප්‍රජාව වෙනුවෙන් ...
පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය.
ඒ මිරිදිය ධීවර ප්‍රජාව වෙනුවෙන් කොළඹදී ඊයේ සංවිධාන කර තිබූ වැඩමුළුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“මම බන්ධනාගාර පුනුරුත්තාපන නියෝජ්‍ය ඇමැති වෙලා ඉන්නකොට මගේ අමාත්‍ය තුමා ඩියු ගුණසේකර මැතිතුමා. එක අවස්ථාවක මට මතකයි බන්ධනාගාරයට පොලිසියෙන් පැන්නා. මට හිටියේ ඔය දකුණු පළාතේ කොහේ හරි. ඒ අවස්ථාවේ මාධ්‍ය කට්ටිය මගෙන් මේ ප්‍රශ්නේ ඇහුවා, මට ඒ වෙලාවේ අපේ අමාත්‍යතුමාගේ මතය දැන ගන්න ඇමතුමක්වත් ගන්න විදියක් නැහැ. මට දැන් මේක මග අරින්නත් බැහැ. මම කිව්වා මේක වැරදියි කියලා. මොකද පොලීසිය කියන්නේ හිර ගෙදර ඉන්න අය බොරු සාක්කි හදලා, කුඩු පැකට් එක දාලා, කසිප්පු භාගේ දාලා, ගංජා බෝතලේ දාලා හිරේට දාන්නේ. එතකොට අපි දන්නවා පොලීසිය සාක්කි හදන හැටි. නඩු මෙහෙයවන හැටි. මේ ඔක්කොම අපි දන්නවා. නිවැරදිකරුවොත් ඔතන ඉන්නවා. නයි නටවන්න පුළුවන් නයි පනික්කියට විතරයි කියලා . අපි නටවන්න ගියොත් නයා අපිටත් ගහලා ගමෙත් ගිහිල්ලා මහ ලෙඩක් වෙනවා. ඒ වගේ පොලීසිය ගිය එක වැරදියි. මට ඩියු ගුණසේකර මැතිතුමා දුරකථනයෙන් කතා කරලා කිව්වා විජිත් මල්ලි ඔයා කියපු එක හරියට හරි මමත් ඒ මතේ තමයි දරන්නේ කියලා.”
COMMENTS