දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයේ ප්‍රශ්න පත්‍රවල අවුලක් - දරුවන් දැඩි අසීරුතාවයක
Homeප්‍රවෘත්ති

ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයේ ප්‍රශ්න පත්‍රවල අවුලක් - දරුවන් දැඩි අසීරුතාවයක

PropellerAds

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා මධ්‍යම පළාතේ  පෙනී සිටින දුවා දරුවන් හට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වන්නට යෙදුන පෙරහුර...

ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි : රටේ තත්වය ගැන විද්වතුන් කල අනාවරණය මෙන්න
මහීපාල හේරත්ගේ ගොවිපල ගබඩාවක යූරියා මිටි 400ක්… ජොන්ස්ටන්ගේ ගෙදර ගෑස් ටැංකි 80ක්!
'දිවි ඇතිතුරා දේශපාලනයට නොඑමි' - පොහොට්ටුවේ රාජ්‍ය ඇමැතිට දේශපාලනය තිත්ත වෙයි!
ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයේ ප්‍රශ්න පත්‍රවල අවුලක් - දරුවන් දැඩි අසීරුතාවයක

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා මධ්‍යම පළාතේ  පෙනී සිටින දුවා දරුවන් හට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වන්නට යෙදුන පෙරහුරු විභාගයේදී මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් ලබා දුන් ප්‍රශ්න පත්‍රයේ දෝෂ රැසක් පැවතීම නිසා ගුරුවරුන් මෙන්ම විභාගයට පෙනී සිටි දුවා දරුවෝ අද (21) දින බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ පෑහ.

තවත් දින කිහිපයකින් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන නිසා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මධ්‍යම පළාතේ සියලුම පාසැල් වෙත මෙම පෙරහුරු විභාගය 21 දින පවත්වන්නට යෙදිණි.

එහිදී  සිසුනට අවශ්‍ය පෙරහුරු  ප්‍රශ්න පත්‍රය සියලුම පාසල්වල විදුහල්පතිවරුන්ට එවා තිබිණි.

එම ප්‍රශ්න පත්‍ර සමග ප්‍රශ්න  පත්‍රයේ සංශෝධන සහිත වෙනම ලිපියක් ද විදුහල්පතිවරුන්ට එහිදී එවා තිබීම විශේෂත්වයකි. ඒ අනුව පළමු ‍ප්‍රරශ්න පත්‍රයේ සංශෝධන නමයක් සඳහන් කර තිබෙන අතර දෙවන කොටසෙහි ‍ප්‍රරශ්න පත්‍රයේ සංශෝධන 4 එවා තිබේ.එ මෙන්ම තවත් විශේෂත්වයක් වන්නේ 18වන ප්‍රශ්නය සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් අත් අකුරින් ලියා සංශෝධනය කොට   එවා ඇත්තේ 18 ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට අවශ්‍ය නැති බව දරුවන් දැනුවත් කරන්න එමෙන්ම ප්‍රශ්න අංක 18 සඳහා සෑම දරුවෙකුටම ලකුණු 1 බැගින් ලබා දෙන්න. යනුවෙන් ගුරුවරුන් දැනුවත් කර තිබීම ය.

මධ්‍යම පළාත් අධ්‍යාපන බලධාරීන්   මෙවර 5 වසර ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටින පාසල් දරුවන් වෙත මෙම ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කිරීමට පෙර මෙම සෝදුපත් කියවීම සිදු කළේ ද යන්න බරපතල ප්‍රශ්නයකි. එමෙන්ම නැවත සංශෝධන සහිත දරුවන්ට පෙරහුරු විභාගයකදී අමතර කාලයක්   ගත වීමද විශේෂත්වයකි .එම  දෙවන ප්‍රශ්න පත්‍රය සඳහා කාලය පැය එකයි  මිනිත්තු පහළවක් පළමු  ප්‍රශ්න පත්‍රයට   විනාඩි 45ක කාලයක්   ලබාදී තිබේ .ප්‍රශ්න පත්‍රවල සංශෝධන ගුරුවරුන්ට කියා දීම සඳහා  කොපමණ කාලයක් වැය කරන්නේ ද යන්න ප්‍රශ්න පත්තර වල සඳහන් නොකිරීම තවත් විශේෂත්වයකි.

දිගු ශාලාවල පාසල් දරුවන් විභාගයට පෙනී සිටිද්දී එක් කෙළවරක සිට මෙම සංශෝධන ගුරුවරුන් විසින් දරුවන්ට කියාදීමේදී බොහෝ දරුවන්ට එය නො ඇසීම ද තවත් විශේෂත්වයකි .මෙම  වීගයට පෙනී සිටි සිසු සිසුවියන් කියා සිටියේ එකිනෙකාට පරස්පර  ප්‍රකාශයන් ය. එනම් ඇතැම් දරුවන් කියා සිටියේ සංශෝධන දහයක්  බවය, තවත් දරුවන් කියා සිටියේ සංශෝධන අටක්  බවය තවත් දරුවන් කියා සිටියේ සංශෝධන විශාල වශයෙන් පැවැති බවය. කෙසේ වෙතත් ඒ දරුවන්ට ප්‍රශ්න පත්තර පිළිබඳව සංශෝධනය පිළිබඳව මනා වැටහීමක් නොමැති නිසාවෙනි. කෙසේ වෙතත් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මධ්‍යම පළාතේ සියළුම 5 වසර සිස්සත්ව සිසුන්ට පවත්වන්නට යෙදුනු මෙම පෙරහුරු පරීක්ෂණය මොනතරම් දුරට දරුවන්ට සාධාරණය ඉටු කළේ ද යන්න වගකිවයුතු බලධාරීන් ගේ අවධානය යොමු විය යුතු බව දෙමව්පියෝ මෙහිදී සඳහන් කළහ.

මේ   පිළිබඳව දඹුල්ල ප්‍රදේශයේ පාසල්වල ගුරුවරුන් ගෙන් විමසීමේදී ඔවුන් කියා සිටියේ ද තමන්ට ප්‍රශ්න පත්තර සහ සංශෝධන සහිත ලිපි ලේඛන ලැබී තිබුණු බවය. ඒ උපදෙස් පරිදි විභාගය පැවැත්වූ බවය .

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයේ ප්‍රශ්න පත්‍රවල අවුලක් - දරුවන් දැඩි අසීරුතාවයක
ශිෂ්‍යත්ව පෙරහුරු විභාගයේ ප්‍රශ්න පත්‍රවල අවුලක් - දරුවන් දැඩි අසීරුතාවයක
http://am.lk/media/k2/items/cache/16fbc522fcf09219cec30b18bd758384_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_326.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_326.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy