කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී දීමනා වැඩි කිරීමට කොළඹ පුරපතිනිය ගෙනා යෝජනාවට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ද සිය සම්පූර්ණ සහය ලබාදී ඇති බව වාර...
කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී දීමනා වැඩි කිරීමට කොළඹ පුරපතිනිය ගෙනා යෝජනාවට පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු ද සිය සම්පූර්ණ සහය ලබාදී ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතවී ඇති අතර මේ යෝජනාවට විපක්ෂව ඡන්දය දී ඇත්තේ ජවිපෙ මන්ත්‍රීවරු 06 දෙනා පමණි.
අදාළ යෝජනාව හේතුවෙන් මහ නගර සභාවේ මාසික බිල රුපියල් ලක්ෂ 14 කින් ඉහල ගොස් ඇති බවද පැවසේ.
මේ අනුව කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයකුට ලබාදෙන වැටුප් දීමනාවට අමතරව දුරකථන දීමනාව, ගමන් දීමනාව සහ මුද්දර හා තැපැල් ගාස්තු දීමනාව වශයෙන් මෙතෙක් ලබාදුන් රුපියල් 13,000/- ක මුදල රුපියල් 25,000/- ක් දක්වා ඉහල නංවා තිබේ.
නාගරික මන්ත්‍රීවරයෙකුට මෙතෙක් දුරකථන දීමනාව ලෙස රුපියල් 6,000ක් ලැබුණු අතර එම දීමනාව රුපියල් 10,000ක් දක්වා වැඩිකර තිබේ.
එසේම ගමන් වියදම ලෙස ලැබුණු රුපියල් 6,000/- ක දීමනාව රුපියල් 12,000/- ක් දක්වාත්, රුපියල් 1,000ක් ව තිබූ මුද්දර හා තැපැල් දීමනාව රුපියල් 3,000ක් දක්වාත් වැඩිකර ඇත.
කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් 119 ක් සිටිති.
COMMENTS