රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධිය හදාරන උසස් පෙළ සමත් තරුණ තරුණියන්ට ඔවුන්ගේ සාමාන්‍ය වියදම් ආවරණය වන පරිදි රුපියල් ලක්ෂ 11 ක් දක්ව...
රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධිය හදාරන උසස් පෙළ සමත් තරුණ තරුණියන්ට ඔවුන්ගේ සාමාන්‍ය වියදම් ආවරණය වන පරිදි රුපියල් ලක්ෂ 11 ක් දක්වා ණය මුදලක් වාණිජ බැංකු මගින් ලබාදීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව තෙවසරක උපාධියක් සඳහා රුපියල් 1,100,000 /= ක මුදලක්ද සිව් වසරක උපාධියක් සඳහා රුපියල් 1,100,000/= වශයෙන් මෙම ණය මුදල් ලබාගත හැකිය.
2017 අයවැය යෝජනාව අනුව කඩයිම් ලකුණු ක්‍රමවේදය හේතුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි සිසුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලැබීමට රුපියල් ලක්ෂ 8 ක පොලී රහිත ණය මුදලක් ලබා දීමට රජය කටයුතු කළේය.
ඊට සමගාමීව අග්‍රමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබැනට් යෝජනාවකට අනුමැතිය ලැබීමෙන් මෙය ක්‍රියාවට නැංවේ.
COMMENTS