දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුව ජාතික ආරක්ෂාවට මුවාවී මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ දැමීමේ උත්සාහයක්
Homeප්‍රවෘත්ති

ආණ්ඩුව ජාතික ආරක්ෂාවට මුවාවී මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ දැමීමේ උත්සාහයක්

PropellerAds

ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජිව්ත අනතුරේ දැමිමට ගන්නා උත්සහය වහාම හකුලා ගන්නා ලෙස ජනපතිවරයාට, අගමැතිවරයාට මෙන්ම ආණ්ඩුවේ වග...

නිව්යෝක් ටයිම්ස් පුවත්පතට නඩු දමන බව හිටපු ජනපති කියයි
"බලයට ඇවිත් වසර තුනකින් රටම විනාශ කළා" - ගෝඨාභය
ලක්ෂ 230ක හෙරොයින් ගුලි බ්‍රසීල ජාතිකයන් දෙදෙනාගේ බඩේ
ආණ්ඩුව ජාතික ආරක්ෂාවට මුවාවී මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ දැමීමේ උත්සාහයක්

ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජිව්ත අනතුරේ දැමිමට ගන්නා උත්සහය වහාම හකුලා ගන්නා ලෙස ජනපතිවරයාට, අගමැතිවරයාට මෙන්ම ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවයන්ට දැඩි ලෙස අවධාරණය කර සිටින බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි.

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ නිවේදනය පහතින්,

ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ දැමීමට ගන්නා උත්සාහය වහා හකුලා ගනු!

ජාතික ආරක්ෂාවට මුවාවී ආණ්ඩුව මාධ්‍යවේදීන්ගේ ජිව්ත අනතුරේ දැමිමට ගන්නා උත්සහය වහාම හකුලා ගන්නා ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස අපි ජනපතිවරයාට,අගමැතිවරයාට මෙන්ම ආණ්ඩුවේ වගකිවයුතු පාර්ශවයන්ට දැඩි ලෙස අවධාරණය කර සිටිමු.
මැයි මාසයේ උතුරේ හා දකුණේ පැවැති විරු සැමරුම් පිළිබඳව ආරක්ෂක අංශ ගන්න පියවර සම්බන්ධයෙන් තොරතුරු ඇතුලත්ව 2018 මැයි මස 25 දා දිනමිණ හා ලක්බිම පුවත් පත් හි පළවු ප්‍රවෘත්ති ගැන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරඹා ඇති අතර ඒ හරහා එම පුවත් සංස්කරණය කල මාධ්‍යවේදීන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනිම හරහා ඔවුන්ගේ ජිවිත අවදානමකට ලක්කිරීමට කටයුතු කර තිබේ.

පසුගිය මැයි මස 25 වන දින ලක්බිම පුවත් පතේ මාධ්‍යවේදීන් වන ලසන්ත වීරකුලසුරිය,ගයත්‍රී ගිංගගආරච්චි විසින් සංස්කරණය කර ඇති අදාළ පුවත පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරික්ෂණයක් කිරිමට අවශ්‍ය බව දන්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලිපියක් යොමුකර ඇති අතර එම ලිපිය මගින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අදාළ ලිපිය පලකල මාධ්‍යවේදීන්ගේ නම්, ලිපිනය ඇතුලත් විස්තරයක්ද ඉල්ලා තිබේ.

ඊට අමතරව ලිපිය පලකිරිම සදහා අනුමැතිය ලබාදුන් අය සහ එම පලකරන ලද ලිපියේ සහතික කල පිටපතක්ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා තිබේ. ලක්බිම පුවත් පත විසින් අදාළ ප්‍රවෘත්තිය පල කිරීමේදී එම පුවතේ අදාළ මාධ්‍යවේදින්ගේ නම් සදහන් කර තිබියදි තවදුරටත් ඔවුන්ගෙ නම් සහ පෞද්ගලික තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ මන්ද යන්න ගැටලුවකි.

අනිත් අතට රජයේ රහස්‍යභාවය පිළිබද කිසිදු ගැටලුවක් නොවන මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන්නේ කවර නිතිමය ප්‍රතිපාදන යටතේද යන්න පිළිබද ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇත. මේ සම්බන්ධයෙන් රහස් පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා වු කාරණයක් ලෙස මෙය පළ කිරිම හේතුවෙන් පරික්ෂණ සිදු කරන බවයි. එහෙත් එවැනි කාරණයක් ගැන පරික්ෂණයක් කරන බවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පුවත් පත් දෙකට පරික්ෂණයක් කරන බව දැන්වු ලිපියේ සටහන් කර නොතිබිමද පුදුමයට කරුණකි.

රට බෙදන වැඩ ගැන ආරක්ෂක අංශ සීරුවෙන් .... ජනපති -අගමැති උපදෙස් දෙති! යනුවෙන් පලකල පුවත් හරහා රටේ ජාතික ආරක්ෂාවට සිදුවු හානිය කෙසේවෙතත් ආණ්ඩුව තුල සිටින කල්ලි කණ්ඩායම් එම පුවත පලකල මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් මේ ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගැනිම හරහා කිසියම් පිරිසක් සතුටු කිරිමට උත්සහ දරණ බව නම් මනාව පැහැදිළිය. එම පිරිස සංතර්පණය කිරීම සඳහා මෙම මාධ්‍යවේදීන්ගේ තොරතුරු අනාවරණය කිරිමට ආණ්ඩුවේ කල්ලි කණ්ඩායම් හි උත්සහය බව අපගේ මතය වේ. එය තවත් තහවුරු වන්නේ එම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පරික්ෂණයක් කිරිමට අණ දුන්නේ කව්ද යන්න පිළිබදව තවමත් අනාවරණය නොවිම හරහාය.

ජාතිවාදය පෙන්වමින් ආණ්ඩුවේ නොහැකියාව,දුෂණ,වංචා,අපරාධ වසා ගැනිම සදහා වෙබ් අඩවි සහ සමාජ ජාලා අවහිර කිරිමට කටයුතු කල වත්මන් යහපාලන ආණ්ඩුව එහි තවත් දිගුවක් ලෙස පසුගියදා අමතක වු අතීතය මතක් කල TNL රූපවාහිනියේ පොල්ගහවෙල ප්‍රති විකාශනාගාරය ද ගලවාගෙන ගිය අතර එය මාධ්‍යයට එරෙහි ආණ්ඩුවේ මාධ්‍ය මර්දනය සදහා නීතිය භාවිත කරන බවට හොදම සාක්ෂිය බවට මේ වන විට පත්ව තිබේ.

ඒ හේතුවෙන් මාධ්‍යවේදීන් ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමින් පැමිණි යහපාලන ආණ්ඩුව දැන් කිසිදු අපරාධයක් නොවන කාරණා සම්බන්ධයෙන් පවා මාධ්‍යවේදින්ගෙන් ප්‍රශ්න කරන්නේ කුමකට ද යන්න පිළිබදව බලධාරීන් වහාම අවධානය යොමුකල යුතු බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ අදහසයි.

කැදවුම්කරු
දුමිදු දිසානායක
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය

No automatic alt text available.

No automatic alt text available.No automatic alt text available.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුව ජාතික ආරක්ෂාවට මුවාවී මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ දැමීමේ උත්සාහයක්
ආණ්ඩුව ජාතික ආරක්ෂාවට මුවාවී මාධ්‍යවේදීන්ගේ ජීවිත අනතුරේ දැමීමේ උත්සාහයක්
http://am.lk/media/k2/items/cache/b38384dbd4fb3eb4df07c44ff05414e6_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_321.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_321.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy