විමල් විරවංශ මහත්තයටත් දැන් අමතක වීමේ ලෙඩේ හැදි ඇති බවත් දන්නේ නැහැ මතක නැහැ කියන්න දැන් පටන් අරගෙන තියෙනවා යැයි සමාජ සවිබලගැන්විමේ ඇමති ප...
විමල් විරවංශ මහත්තයටත් දැන් අමතක වීමේ ලෙඩේ හැදි ඇති බවත් දන්නේ නැහැ මතක නැහැ කියන්න දැන් පටන් අරගෙන තියෙනවා යැයි සමාජ සවිබලගැන්විමේ ඇමති පි හැරිසන් මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි නිලධාරින් දැනුවත් කිරිමේ වැඩමුළුවට සහභාගිවිමෙන් පසු (21) මාධ්‍යවේදින් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය ඇමතිවරයා මාධ්‍යයට අදහස් දක්වමින් මේසේද කිවේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“විමල් විරවංශට අමතක විමේ ලෙඩ හැදිලා වගේ මට පේන හැටියට. එතුමා දන්නේ නැහැ මතක නැහැ කියන්න දැන් පටන් අරගෙන වගේ. මේයා මේවා හිතාමතාකරණවාද අපිව අන්දන්න කරණවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේවා රටේ ජනතාව බලාගෙන ඉන්නවා. විමල් විරවිංශ කියන දේවල් රටේ ජනතාව දැන් ගණන් ගන්නේ නැහැ. යහාපාලන ආණ්ඩුව වැටෙනවා වැටෙනවා කියලා දැන් අවුරුදු ගාණක් තිස්සේ කියනවා තවම වැටුණේ නැහැ නේ. මේ අයට වෙන්නේ අර එළුවාට වෙච්ච දේ.”
“විමල්විරවංශ මහත්තයාට කියන්න ඕන. මුලින්ම කරුණා අම්මාන් ගෙනවිත් ශ්‍රි.ල.නි.පක්ෂයේ උප සභාපතිකරලා පාර්ලිමේන්තුවටත් ගෙනවිත් ඉස්සෙල්ලා ඒ අයට කිරිපෙව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයා.බව. පිල්ලෙයාන් ගෙනවිත් මහ ඇමතිකරලා ඒ කටයුතු කළේත් ශ්‍රි.ල.නි.පක්ෂය මගින්. පඩි ගෙව්වා යන්න එන්න හෙලිකොප්ටර් දුන්නා.ඒ විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ඒ අය දසදහසකට වැඩිය පුනරුත්ථාපනය කරලා අවශ්‍ය පහසුකම් ලබාදුන්නා.එල්.ටි.ටි අය පුනරුත්ථාපනය කිරිම පටන් ගත්තේඒ කාලයේ විමල් විරවංශ ඒ කාලයේ ලංකාවේ හිටියේ නැද්ද කියලා මට ප්‍රශ්නයක් තියෙනවා.” යැයිද ඇමතිවරයා මෙහිදි කිවේය.
(ලලිත් චාමින්ද)
COMMENTS