වැළිකඩ බන්ධනාගාරයේ සිදු වූ රැඳවියන් ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් පරීක්ෂක නිය...
වැළිකඩ බන්ධනාගාරයේ සිදු වූ රැඳවියන් ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ලබන 17දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
ඒ එම නඩුව අද (03) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
සිද්ධියට අදාළව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද අධිකරණයේ පෙනී නොසිටි අතර ඒ ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ රෝහල්ගත කොට තිබීම හේතුවෙනි.
COMMENTS