තවත් භීෂණ යුගයක් එයිද කියලා සැකයක් තියෙන බව ප්‍රවීන කලාකරු රෝහණ බැද්දගේ මහතා පවසයි. ඒ ඊයේ (04) කලාකරුවන් එක්ව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමි...
තවත් භීෂණ යුගයක් එයිද කියලා සැකයක් තියෙන බව ප්‍රවීන කලාකරු රෝහණ බැද්දගේ මහතා පවසයි.
ඒ ඊයේ (04) කලාකරුවන් එක්ව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“කවුරු එපා කිව්වත් නවත්තන්නේ නැහැ කියලා ගහපු මිනිහා තමයි යුද්ධය අවසන් කළේ. ලෝකයක් තුළ සංස්කෘතික වශයෙන් අපේ ශ්‍රී ලංකාව නියෝජනය කළා සුදු පාටින්, මහා ටයි කෝට් බැඳපු මිනිස්සු ඉදිරිපිට, ඒ රංචුවත් එක්ක අපේ ලංකාව ප්‍රදර්ශනය කරපු නායකයෙක් අපිට හිටියේ. අද වෙනකොට අපි අන්තිම පරිහානියට පත් වෙලා තියෙන අවස්ථාවක ඉන්නේ අපි. ඇතැම් දේශපාලඥයින් උන්මාදයක්, අන්ද මන්ද වෙලා වෛරයෙන්, ක්‍රෝධයෙන් කෑ ගහන කාලයක් බවට පත් වෙලා තියෙන්නේ. තවත් භීෂණ යුගයක් එයිද කියලා සැකයක් අපිට තියෙනවා. ඒක නිසා කලාකරුවන් හැටියට අපි ඒක නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ.”
එම වීඩියෝව පහතින්,
COMMENTS