අතීතයේ ගෞරවනීය ආයතනයක්ව පැවති පොලිස් විශේෂ කාර්ය බලකාය වර්තමානයේ පිස්සන් කොටුවක් බවට පත්ව ඇතිබව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි. ...
අතීතයේ ගෞරවනීය ආයතනයක්ව පැවති පොලිස් විශේෂ කාර්ය බලකාය වර්තමානයේ පිස්සන් කොටුවක් බවට පත්ව ඇතිබව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.
මේ අතර ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අමාත්‍යවරයාට පාතාලය සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා පිළිබදව අදහස් පළවුණා.
සරත් ෆොන්සේකා මහතා මෙසේ අදහස් දැක්විය.
“අපි කැලණියේ දේශපාලනය වෙනස් කළා. මැරයෝ හිටියා මර්වින් සිල්වලා හිටපු කාලේ දැන් ඒවා නැහැ එහෙ. පොලීසිය පාතාලය වගේ හැසිරෙනවා නම් අහිංසකයෝ අරන් ගිහිල්ලා ගහලා, අත්වලින් දාලා එල්ලලා, ගංජා දාලා, හිරේ දාලා, ඒවා කරනවා නම් මේවා නිවැරදි කරන්න. STF කියන්නේ අතීතයේ ඉතා ගෞරවනීය තනතුරක්. අපිත් ගරු කළා. අද ඒක පිස්සන් කොටුවක් වෙලා මම දන්නේ නැහැ මොකක්ද වෙලා තියෙන පාත් වෙලා තියෙන හෙන ගෙඩිය. මේ අපරාධ වලට අහිංසක මිනිස්සුන්ට හිරිහැර කරන එකට STF එකත් සම්බන්ධයි. බේල් පිට ඉන්නවා නම් අතන මෙතන අල්ලන් ගිහිල්ලා අතන මෙතන වෙඩි තියන එක අපි අනුමත කරන්නේ නැහැ.”
COMMENTS