ජාතික පොලිස් කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ පරිදි උප පොලිස් පරීක්ෂකගෙන් පහළ නිලයන්වල පොලිස් නිලධාරීන් 2891 දෙනකුට අදාල උසස්වීම් නියෝග පොලිස්පතිව...
ජාතික පොලිස් කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ පරිදි උප පොලිස් පරීක්ෂකගෙන් පහළ නිලයන්වල පොලිස් නිලධාරීන් 2891 දෙනකුට අදාල උසස්වීම් නියෝග පොලිස්පතිවරයා ඊයේ (01) නිකුත් කළේය.
උසස්වීම් ලැබූවන් අතර පොලිස් කොස්තාපල් රියදුරන්, පොලිස් කොස්තාපල්වරුන්, කාත්තා පොලිස් කොස්තාපල්වරුන්, පොලිස් සැරයන්වරුන්, කාන්තා පොලිස් සැරයන්වරුන් සහ පොලිස් සැරයන් රියදුරන් සිටින බව පොලිස් මූලස්ථානය කියයි.
මෙලෙස උසස්වීම් ලබා දුන්නත නියමත සේවා කාලය සම්පූර්ණ කළ උප පොලිස් පරීක්ෂකවරුන්ට අදාල උසස්වීම් නියෝග මේ වන තෙක් නිකුත් කර නැත. එමෙන්ම උසස්වීම් ලබා දීමේදී අසාධාරණයට ලක්වූ පොලිස් නිලධාරීන්ද සිටින බවත්, ඔවුන් ඒ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කරනු ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි
COMMENTS