2016 වසරේ සිට 2018 වසරේ මේ දක්වා කාලය තුලදී කිලිනොච්චියේ මුලතිව් දිස්ත්‍රීක්කයන්හි යුද සමයේදී කොටි සංවිධානය විසින් වලදමන ලද විවිධ වර්ගයේ බ...
2016 වසරේ සිට 2018 වසරේ මේ දක්වා කාලය තුලදී කිලිනොච්චියේ මුලතිව් දිස්ත්‍රීක්කයන්හි යුද සමයේදී කොටි සංවිධානය විසින් වලදමන ලද විවිධ වර්ගයේ බෝම්බ ඇතුලු විවිධ වර්ගයේ මර උගුල් 5442 ක් සොයාගෙන ඇති බවට බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යාවලියේ නිරත ආරක්ෂක අංශ හා රාජ්‍ය නොවන සංවිධාන විසින් පෙන්වා දෙයි.
මෙහිදී ගතවූ වසර දෙකහමාර ඇතුලත කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රීක්කයන්හි වර්ග මීටර් 532,391 ක භූමි ප්‍රමාණයක සිදු කරන ලද කැනීම් වලදී අදාල බෝම්බ හා මර උගුල් ප්‍රමාණය හමු වී ඇති අතර හමු වූ බෝම්බ අතර කොටි මෝටාර් උණ්ඩ, ආර්.පී.ජී, ජොනි බට්ටන්, කාලතුවක්කු උණ්ඩ හා විවිධ වර්ගයේ මර උගුල් මේ අතර වෙයි.
කෙසේ වෙතත් බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියේ යෙදී සිටින ආරක්ෂක අංශ හා රාජ්‍ය නොවන සංවිධන විසින් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු 2025 වන විට අවසන් වී බිම් බෝම්බ වලින් තොර ශ්‍රීලංකාවක් වනු ඇති බවටයි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS