දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාවය බීබීසී හි තිබෙන බව හෙළි වේ!

දැනට ප්‍රසිද්ධ කර ඇති එක් වාර්තාවකට අනුව බීබීසී හි සේවයේ නියුතු 96 දෙනෙක් අවම වශයෙන් පවුම් 150,000 ක වැටුපක් මාසික ව ලබති. නමුත් එයින් 65...

ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාවය බීබීසී හි තිබෙන බව හෙළි වේ!

දැනට ප්‍රසිද්ධ කර ඇති එක් වාර්තාවකට අනුව බීබීසී හි සේවයේ නියුතු 96 දෙනෙක් අවම වශයෙන් පවුම් 150,000 ක වැටුපක් මාසික ව ලබති. නමුත් එයින් 65%කට අධික පිරිසක් පිරිමින් ය. මේ අනුව එකම රැකියාවේ එකම වගකීම් උසුළන ස්ත්‍රීන් ලබන්නේ අඩු වැටුපකි. එය ඔවුන්ට අත් වී තිබෙන අසාධාරණ අවාසියකි.

මේ අසාධාරණ අවාසියට ලක් වූ අය අතර, බීබීසී යැයි කියූ සැණින් අපගේ මතකයට නැගෙන ‘බීබීසී තරු’ ද අයත් වෙති. ඔවුන් එක් වී මේ වන විට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන්නේ වහාම මෙම පරතරය නැති කිරීමට පියවර ගන්නා ලෙස පාලනාධිකාරියෙන් ඉල්ලා සිටිමිනි. බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ටෝනි හෝල් සාමිවරයා වෙත යොමුකර ඇති මෙම අභියාචනයේ අත්සන් 40 ක් අන්තර්ගත වේ. බීබීසී ස්පෝට්ස්, රේඩියෝ  සහ ප්‍රවෘත්ති අංශවල සේවයේ නියුතු ඉතා ප්‍රකට නිවේදිකාවෝ ද මෙම අත්සන් ලේඛනයට දායක වූහ.

එම ලිපියේ මෙසේ සඳහන් වේ. “වසර 2020 වන විට මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී පරතරය ‘පියවන’ බව ඔබ විසින් කියා ඇත. නමුත් ඔබ ද දන්නා පරිදි බීබීසී සේවය මේ වන විට වසර ගණනක් මුළුල්ලේ මෙකී අසමාන වැටුප් ගෙවා තිබේ. මේ අනුව අප සියලු දෙනාටම මේ පිළිබඳ දැන්ම ක්‍රියාත්මක වන ලෙස ඔබෙන් ඉල්ලා සිටීමට අවශ්‍ය ය.”

එක්සත් රාජධානියේ කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් පවසා ඇත්තේ බීබීසී ය “තමන් දෙසම බැලීමට අවශ්‍ය බව” යි. තවද තමන්ගේ අත්සන් ත් එකී අත්සන් ලේඛනයට එක් කිරීමට හැකි නම් තමන් සන්තෝස වන බවත් ජෙරමි කෝබින් කියා තිබේ.

එක්සත් රාජධානියේ අධ්‍යාපන ලේකම් ග්‍රීනින් මෙසේ පැවසුවාය. “ගෙවීම් අතර පරතරයක් තිබෙන බව බීබීසී හි කීර්තිය පිළිබඳ ප්‍රශ්නයක්. මේ තත්වය අසා කම්පනයට පත්වීම වළක්වාගත නොහැකියි.” යනුවෙනි.

කෙසේ නමුත් හෝල් සාමිවරයා පවසා තිබෙන්නේ “ගෙවීම් පරතරයේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින බව” යි. ස්ත්‍රීන් හා පුරුෂයන් අතර සමාගමේ වැටුප් සමව ගෙවන බවට ද ඔහු විසින් මේ වනවිට සහතිකයක් ලබාදී තිබේ. තත්වය සමනය කිරීම සඳහා ඉදිරි මාස කිහිපය තුළ ‘පුළුල් ලෙස සාකච්ඡා කරන බව” ද ඔහු කියා ඇත. “ඉදිරි වසර තුන ඇතුළත බීබීසී ය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ස්ත්‍රී පුරුෂ විවිධත්වය සඳහා උදාහරණයක් බවට පත්වනු දැකීමට තමන්ට අවශ්‍ය බව” ද ඔහු විසින් කියා තිබේ.

ලොව පුරා විසිරී සිටින බීබීසී ප්‍රේක්ෂකයන් සහ ග්‍රාහකයන් ප්‍රමාණය මේ වන විට මිලියන 372කට අධික ය. සමාගම කිසිදු විවාදයකින් තොරව සැලකෙන්නේ “එක්සත් රාජධානියේ ත්‍යාගලාභී ජාතික වත්කමක්” ලෙස ය.

මෙම ‘ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාවය’ ඉවත් කර දමා, සමානාත්මතාවයේ සහ විවිධත්වයේ විකාශන තරංග බීබීසී ය ඔස්සේ විකාශය වීම අත්‍යාවශ්‍ය වී ඇති බව මේ අනුව කදිමට පසක් වේ.

කලේන්ද්‍ර විතාන විසිනි.
පරිවර්තනය: අමාලි ජයවීර

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28613,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාවය බීබීසී හි තිබෙන බව හෙළි වේ!
ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාවය බීබීසී හි තිබෙන බව හෙළි වේ!
http://ift.tt/2v1BEhj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_784.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_784.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy