පසුගිය දිනයන්හි යාපනයේ නිවාස වෙතට කඩා වැදී අලාභහානි සිදු කල ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයින් සිව් දෙනෙකු ඊයේ (08) දින අත්අඩංගුවට ගෙන ඇති බවට...
පසුගිය දිනයන්හි යාපනයේ නිවාස වෙතට කඩා වැදී අලාභහානි සිදු කල ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයින් සිව් දෙනෙකු ඊයේ (08) දින අත්අඩංගුවට ගෙන ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.
චුන්නාකම් පොලිස් වසමේ පසුගියද එකම රාත්‍රියක නිවාස 3කට කඩා වැදුනු ආවා කල්ලි සාමාජිකයින් නිවාස දේපල හානි සිදු කොට පලා යාම හා ඊට පෙර දිනයක පුද්ගල පහර දීම් හා දේපල හානි සිදු කරන ලදමෙම ආවා කල්ලි සාමාජිකයින් සම්බන්ධයේන් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව සිදු කරන ලද හදීසි සෝදිසි මෙහෙයුමකදී සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි නාගලිංගම් දයාකරන්, 20 හැවිරිදි පංචලිංගම් කිරුසන්, 22 හැවිරිදි සුදාකරන් තවරූබන් හා 23 හැවිරිදි නඩරාජා මධුෂණ් නැමති අය වෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (08) දින යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන චුන්නාකම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
COMMENTS