මේ ආණ්ඩුවේ නායකයන්ට ජනතාවගේ සිත් වල කැකෑරෙන කේන්තිය, කලකිරීම සන්නිවේදනය කළ හැකි හොඳම ක්‍රමය තමයි තමන්ට ඇති වෙලා තියෙන කේන්තිය, කලකිරීම පොහ...
මේ ආණ්ඩුවේ නායකයන්ට ජනතාවගේ සිත් වල කැකෑරෙන කේන්තිය, කලකිරීම සන්නිවේදනය කළ හැකි හොඳම ක්‍රමය තමයි තමන්ට ඇති වෙලා තියෙන කේන්තිය, කලකිරීම පොහොට්ටුවට ලබා දෙන ජන්දයක් බවට පත් කිරීම බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඒ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“කොට්ඨාශ සීමිතයි, ඉල්ලුම අසීමිතයි. ඒ නිසාම තරඟය හරිම තියුණුයි. අපේ සන්ධානයේ ඉන්නවා පක්ෂ 20ක්. දැවැන්තම සන්ධානය අපේ. අපේ සන්ධානයේ කිසිම පක්ෂයකට තමන් ඉල්ලු සියලු අපේක්ෂකයන් ලැබුණේ නැහැ. ඒ නිසා සෑම පක්ෂයකටම අඩු වැඩි වශයෙන් සිත් රිදවීම් සිද්ධ වෙලා තියෙනවා. හැබැයි නිල්, රතු, කොළ ආණ්ඩුවේ පක්ෂ 3 අපේක්ෂකයන් සිගමනේ යද්දී අපි දන්නවා සුවඳ හමන මලටයි බඹරු ඇදෙන්නේ කියලා. ඒ නිසා පොහොට්ටුව කියන පුංචි මලේ සුවඳට මුළු රටම ඇවිස්සිලා අද පොහොට්ටුවට ආකර්ෂණය වෙමින් තිබෙනවා. මේ ආණ්ඩුවේ නායකයන්ට ජනතාවගේ සිත් වල කැකෑරෙන කේන්තිය, කලකිරීම සන්නිවේදනය කළ හැකි හොඳම ක්‍රමය තමයි තමන්ට ඇති වෙලා තියෙන කේන්තිය, කලකිරීම පොහොට්ටුවට ලබා දෙන ජන්දයක් බවට පත් කිරීම. ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශගත වී සිටින බව ඇත්තයි. එතුමා ජනවාරි මාසයේ 2වෙනි සතියේ නැවත ලංකාවට පැමිණෙනවා.”
“ගෝඨාභය මහත්තයා සම්බන්ධයෙන් හෙටත් නඩුවක් විභාග වෙන්න තියෙනවා, ඊයේ රාජපක්ෂ පදනමේ මිලියන 93ක් වටිනා ඉදිකිරීමක් කරගෙන ඒකට මුදල් ගෙව්වේ නැතිව, මුල්‍ය වංචාවක් ආණ්ඩුවට පාඩුවක් සිද්ධ කළා කියලා. ඩි.ඒ. රාජපක්ෂ පදනම පහත් බිම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට මිලියන 33.9ක් මේ වන විටත් ගෙවලා තියෙන්නේ. ඒත් ඒ අය කියනවා බිල මිලියන 93යි කියලා. අද මට ලැබුණා තක්සේරු දෙපාර්තමේන්තුව 2017 ජූලි මාසයේ 3 වෙනිදා ප්‍රධාන තක්සේරුකරු මුල්‍ය අපරාධ කොට්ඨාශය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට යවපු ලිපිය. මේකේ ඉදිකිරීම් පිරිවැය පිළිබඳ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුව රුපියල් මිලියන 33.7යි. එහෙනම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හෝ ඩි.ඒ. රාජපක්ෂ පදනම පහත්බිම් ගොඩ කිරීමේ සංස්ථාවට ගෙවන්න තියෙනවා නෙවෙයි. පහත්බිම් ගොඩ කිරීමේ සංස්ථාව වැඩිපුර ගෙව්ව ලක්ෂ 2 ඩි.ඒ. රාජපක්ෂ පදනමට ආපහු භාර දිය යුතුයි. මේ වැදගත් ලිපිය නීතිපති දෙපර්තම්න්තුවේ තිබෙන බවට මගේ තියෙන ඔත්තු සේවා හරහා තහවුරු වෙලා තියෙනවා. මගේ සම්බන්ධතා හරහා තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා තනතුරට නුසුදුසු, පන්දමට පත්වුණු නීතිපතිවරයෙක් හා පොලිස්පතිවරයෙක් මේ රටේ සිටින නිසා අපිට නීතිය ඉදිරියේ ජනතාවට සාධාරණය ඉටු වෙන්නේ නැහැයි කියන එකට මේක කදිම සාක්ෂියක්” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS