මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂයක් නැති බවත් 2025 දී නාමල් රාජපක්ෂ මහතාට බලය ලබා දීමට දරණ උත්සහයක් බවත් අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය. ඒ...
මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂයක් නැති බවත් 2025 දී නාමල් රාජපක්ෂ මහතාට බලය ලබා දීමට දරණ උත්සහයක් බවත් අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.
ඒ ඊයේ (13) උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ක බොහොම ලඟින් හිටපු අය මේ පොහොට්ටුවත් එක්ක එකතු වීම තුළ ක්‍රමානුකුලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එනවා. ඒ නිසා මේ පළාත් පාලන මැතිවරණය අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. තව ප්‍රබල කිහිපදෙනෙක් ඉන්නවා. ඒ අය හෙට අනිද්දා එයි. අපි ඉතින් එකින් එක එකින් එක තව ඒ ඉතුරු අය ගන්න යන්නේ. එතුමාට පක්ෂයක් නැහැනේ. එතුමා නිල් පාට දාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කිය කිය පොහොට්ටුවත් එක්ක ඉන්නවා. එතුමා කොහෙද ඉන්නේ කියලා එතුමා දන්නේ නැහැ. එතුමා ගැන අපි හරි දුකයි. එතුමාට ඕනෙකම තියෙන්නේ මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාද කරන්න. ඒක පෞද්ගලික වෛරය පිරිමහගන්න දගලන උත්සහයක් සහ 2025 එයාගේ පවුලේ එයාගේ දරුවට අවස්ථාව ලබා දීම සඳහා දරණ සැලැස්මක ප්‍රතිපලයක්.”
“යූ.එන්.පී එකත් එක්ක එකතු වෙලා අපිට ආණ්ඩුවක් හදන්න පාර හැදුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමානේ. එතුමාට අපි කිව්වා අනේ ජනාධිපතිතුමනි පොඩ්ඩක් ඉන්න. ඔබතුමාගේ පවුලේ චෝදනා නැති චමල් රාජපක්ෂව අපිට දෙන්න. අර අපෙන් හංසයාට ගිය ජන්ද ටික සේරම මෛත්‍රී ජනාධිපතිතුමා එක්ක අපට ආපහු එයි. අපිට තනි ආණ්ඩුවක් හදන්න පුළුවන්. ඒ නිසා චමල්ව අපි අගමැති අපේක්ෂකයා කරමු. මෛත්‍රීට ජන්දය මෙහෙයවන්න දෙමු කියලා. ඉතින් ඒකට එතුමා එකඟ වුණේ නැහැනේ. අපි හැමවෙලේම හෙටත් බලන්නේ මේ අය එකතු කර ගන්න. අපේ පක්ෂයේ හිටපු මිනිස්සු. ඒ අයව එකතු කර ගන්න අපි හැමවෙලේම උත්සාහ ගන්නවා. ඒකට ඉඩ දුන්නේ නැත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමයි, නාමල් රාජපක්ෂ මැතිතුමායි, බැසිල් රාජපක්ෂයි.” යැයිද වැඩිදුරටත් පැවසීය.
COMMENTS